Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:14 - Sinhala New Revised Version 2018

14 සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සංගණනයට ඇතුළත් වන සෑම කෙනෙක් ම එනම් අවුරුදු විස්සක් හා ඊට වැඩි වයසැති අය, මට පඬුරක් දිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 විසි අවුරුදුවූද ඉන් වැඩිවූද වයස් ඇති ගණන්ගනු ලබන එක් එක්කෙනා ස්වාමීන්වහන්සේගේ පඬුර දේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:14
10 හුවමාරු යොමු  

අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි, ජාකොබ්ගේ වැඩිමහල් පුත් රූබන්ගේ පරපුරට අයත් පිරිමින්ගේ ගණන, ඔවුන්ගේ පවුල් හා පෙළපත් හැටියට ලේඛනගත කරන ලදී.


‘මිසර දේශයෙන් නික්ම පැමිණි අවුරුදු විස්සකට හා ඊට වැඩි වයසැති අය මට සම්පූර්ණයෙන් ම අවනත නො වූ බැවින් ඔවුන්ගෙන් කිසිවෙකු මා ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට පොරොන්දු වූ දේශය නොදකිනු ඇත.


“මුළු ඉශ්රායෙල් ජනතා අතර, ඔවුන්ගේ පෙළපත් අනුව, හමුදාවට බැඳෙන්නට පුළුවන්, අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් සංගණනය කළ යුතු ය”යි වදාළ සේක.


ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.


දෙ වන මාසයේ පළමු වන දින මුළු සෙනඟ රැස් කළහ. එවිට අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති සියල්ලන් ම තම තමන්ගේ පවුල් අනුව ද, පෙළපත් අනුව ද ලියාපදිංචි කරන ලදුව, වෙන් වෙන් වශයෙන් ඔවුන්ගේ නාම, ලේඛනගත කරන ලදී.


එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.


සංගණනයට ඇතුළු වෙන සෑම කෙනෙක් ම ශුද්ධස්ථානයේ මිල අනුව නියම මිල දිය යුතු ය. සමිඳාණන් වහන්සේ වන මට පුදන පඬුර එය විය යුතු ය.


නුඹ ඔවුන් වෙනුවට මිදීම ලබාගැනීමේ මුදලක් වශයෙන් තම පඬුර සමිඳාණන් වහන්සේ වන මට පුදන කල ධනවතා නියම මිලට වැඩියෙන් හෝ දුප්පතා ඊට අඩුවෙන් හෝ නොදිය යුතු ය.


“ දේශයේ මුළු සෙනඟ ඒ පඬුර ඉශ්රායෙල් අධිපතියාට දිය යුතු ය.


“ෂෙකෙලට ගේරා විස්සක් ය. ෂෙකෙලය ග්‍රෑම් එකොළහයි දශම හතරකි. නුඹලාගේ මීනා එක ෂෙකෙල් හැටක් වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්