Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:37 - Sinhala New Revised Version 2018

37 දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 දවස් හතක් ම නුඹ පූජාසනයේ පව් දුරලීමේ වත්පිළිවෙත් කොට එය විශුද්ධ කළ යුතු යි. එවිට එය අතිශුද්ධ පූජාසනය වනු ඇත. එය ස්පර්ශ කරන සෑම කෙනෙකු ම ශුද්ධ වනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

37 සත් දවසක් පූජාසනය උදෙසා සමඟිකිරීමේ පූජාව ඔප්පුකොට ඒක විශුද්ධකරන්න. මෙසේ පූජාසනය අති ශුද්ධ වන්නේය; පූජාසනයට ස්පර්ශවන කොයි දෙයක් නුමුත් ශුද්ධ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:37
12 හුවමාරු යොමු  

දවන යාග පූජාසනය ද එහි සියලු උපකරණ ද තෙලින් ආලේප කොට, පූජාසනය කැප කළ යුතු වේ. මෙලෙස එම පූජාසනය අතිශුද්ධ එකක් වනු ඇත.


අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?


අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද?


ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.


මෙසේ ඔහු ඉශ්රායෙල් ජනයාගේ අපවිත්‍රකම් හා ඔවුන්ගේ පාප අපරාධයන් නිසා කළ යුතු ව ඇති ශුද්ධස්ථානයෙහි පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ යුතු ය. තවද, ඔවුන්ගේ අපවිත්‍රකම් මධ්‍යයේ පිහිටා ඇති සම්මුඛ මණ්ඩපයට ද ඔහු එලෙස කළ යුතු ය.


යමෙකු තමාගේ වස්ත්‍ර කෙළවරේ කැප කරන ලද මාංසය ගෙන යන විට ඒ වස්ත්‍ර කෙළවර පූපවල හෝ පිදූ හොදිවල හෝ මිදියුසවල හෝ තෙල්වල හෝ වෙන‍යම් කෑමක හෝ ගෑවුණොත් ඒවා ඒ හේතුවෙන් කැප කළ ආහාර වන්නේ ද?” ඒ ප්‍රශ්නය ඇසූ විට පූජකයෝ, “නැතැ”යි පිළිතුරු දුන්හ.


ඉන්පසු ඔහු තම වස්ත්‍ර ගලවා, වෙන වස්ත්‍ර ලාගෙන කඳවුරෙන් පිටත පවිත්‍ර ස්ථානයකට අළු ගෙන යා යුතු ය.


අට වන දා ඔව්හු මංගල්‍ය රැස්වීමක් පැවැත්වූ හ. මන්ද, ඔවුන් සත් දවසක් පූජාසනය කැප කිරීම ද සත් දවසක් මංගල්‍යය ද පැවැත්වූ බැවිනි.


නුඹ උගේ ලේවලින් ස්වල්පයක් රැගෙන එහි අං වැනි කොන් සතරේ ද මැද කොටසේ කොන් සතරේ ද වටකර ගැටියේ ද ගා, එසේ පූජාසනයේ දෝෂ පහකර, පිරිසිදු කර, ඒ උදෙසා සමඟිකමේ පූජාවක් ඔප්පු කරන්න.


දිනපතා ම සත් දවසක් පූජාවක් වශයෙන් එළුවෙකු පූජා කරන්න. එසේ ම කැළලක් නැති ගොන් වස්සෙකු ද රැළෙන් බැටළුවෙකු ද ඔව්හු පූජා කරත් වා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්