Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 29:13 - Sinhala New Revised Version 2018

13 අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති තෙල් පිඬ ද වකුගඩු දෙක හා එහි ඇති තෙල ද ගෙන පූජාසනය මත පිළිස්සිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 අතුණු වසා තිබෙන තෙල් සියල්ලද අක්මාව පිට තිබෙන දැලද වකුගඩු දෙකද එහි තිබෙන තෙල්ද රැගෙන පූජාසනය පිට දවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 29:13
29 හුවමාරු යොමු  

ඒ මිනිසා ඔහුට පිළිතුරු දෙමින්, “තෙල දැවී ගිය පසු කැමැති තරම් ගන්නැ”යි ඔහුට කීවොත්, වැඩකාරයා පිළිතුරු දෙමින්, “එසේ නොව, ඔබ දැන් ම දෙන්නට ඕනෑ ය; නැත්නම් බලහත්කාරයෙන් ගන්නෙමි”යි කියනු ඇත.


නුඹලා මා උදෙසා කට්ටකුමංජල් මිලේට ගත්තේ වත්, සත්ත්ව පූජා තෙලෙන් මා තෘප්තිමත් කෙළේ වත් නැත. ඒ වෙනුවට නුඹලාගේ පව්වලින් නුඹලා මට බරක් වී, නුඹලාගේ අයුතුකම්වලින් මා වෙහෙසට පත් කළහු ය.


පූජා කරනු ලබන එළු බැටළුවන්ගේ ලේ හා තෙල් ද බැටළුවන්ගේ වකුගඩු තෙලෙන් ද සමිඳාණන් වහන්සේගේ කඩුව තෙත් වී ඇත. සමිඳාණෝ මේ මහා පූජාව බොශ්රා නගරයෙහි කරන සේක. මෙය ඒදොම් දේශයෙහි මහා ඝාතනයක් වන්න සලසන සේක.


එතුමාණෝ මෙසේ වදාරන සේක: “නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද් ද? බැටළුවන් දවන පූජා ද තර සතුන්ගේ තෙල් ද මට තිත්ත වී ඇත. එළු, බැටළු, ගව ලේ මට රුස්සන්නේ නැත.


මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.


එහෙත්, එළදෙනකගේ හෝ බැටළු දෙනකගේ හෝ එළුදෙනකගේ හෝ කුලුඳුල් පැටියෙකු මුදා නොගත යුතු ය. උන් මට කැප ය. පූජාසනය මත උන්ගේ ලේ ඉස උන්ගේ තෙල දැවිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් සහිත ගින්නෙන් දවා පිදූ පූජාවක් වනු ඇත.


පූජකවරයා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ සමිඳාණන් වහන්සේගේ පූජාසනය මත ලේ ඉස, සතුන්ගේ ලේ සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් දැවිය යුතු ය.


පසුව පාප පූජාවට ගත් සතාගේ තෙල පූජාසනය මත දැවිය යුතු ය.


ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන


එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.


ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.


පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය;


පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.


උගේ තෙල සම්පූර්ණයෙන් ම ද එනම්, උගේ වල්ගය ද අතුණු වසා ඇති තෙල ද


පූජාසනය මත ගින්න නිවෙන්නට නොහැර එය දැල්වෙමින් ම තිබිය යුතු ය. දිනපතා උදය පූජකවරයා එය මත දර දල්වා, ඊට උඩින් පිළිවෙළට දවන යාග පූජාව තැබිය යුතු ය. ඔහු සහභාගිකමේ පූජාවට ගත් සතාගේ තෙල එහි දැවිය යුතු ය.


පසුව ඔහු සහභාගිකමේ පූජාවට ගත් බැටළුවාගෙන් තෙල අහකට ගත් ලෙස උගේ තෙල් ද අහකට ගත යුතු ය. ඉන්පසු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙලෙස පූජකවරයා ඔහු කළ පාපයන්ට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට ඒවා ඔහුට කමා කරනු ලැබේ.”


පසුව සහභාගිකමේ පූජාවලින් තෙල ඉවතට ගත් ලෙස උගේ තෙල ද ඉවතට ගෙන, සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන් එය පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ විට, ඒවා ඔහුට කමා කරනු ලැබේ.


ඉන්පසු ඔහු සහභාගිකමේ පූජාවලට පිදූ සතුන්ගේ තෙලට කළ ලෙස, උගේ තෙල සම්පූර්ණයෙන් ම පූජාසනය මත දැවිය යුතු ය. මෙසේ පූජකවරයා ඔහුගේ පාපයට කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු එය ඔහුට කමා කරනු ලැබේ.”


පූජකවරයා ද ඌ පූජාසනයේ ඔප්පු කොට, උගේ බෙල්ල කඩා පූජාසනය මත ඌ දැවිය යුතු ය. උගේ ලේ පූජාසනයේ පැත්තකින් ගලා යන්නට හැරිය යුතු ය.


එහෙත්, උගේ අතුණු ද කකුල් ද වතුරෙන් සෝදා, පූජකවරයා ඒ සියල්ල පූජාසනය මත දැවිය යුතු ය. එවිට ගින්නෙන් දවා පුදන ලද, මේ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.


ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.


“තවද, බැටළුවාගේ තෙල් ද එනම්, තෙල් සහිත වල්ගය ද අතුණු වසා ඇති තෙල ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක ද ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත යුතු ය. මන්ද, ඒ බැටළුවා කැප කරන ලද්දෙකි.


මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.


ඉන් කිසිවක් අමුවෙන් හෝ වතුරෙන් තම්බා හෝ නොකෑ යුතු ය. උගේ හිස, කකුල්, බොකු හා මාංසය මඳ ගින්නේ බදින්නට උවමනා ය.


වකුගඩු දෙක ද ඒවා මත තුනටිය ළඟ ඇති තෙල ද අක්මාව පිට සිවිය ද වකුගඩු සමඟ ඉවතට ගත යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්