Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 28:29 - Sinhala New Revised Version 2018

29 ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 ආරොන් ද ශුද්ධස්ථානයට ඇතුළු වන විට, සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර පවතින සිහි වීමක් වන පිණිස තම ළය මත ඇති විනිශ්චයේ ළය වැස්මෙහි ඉශ්රායෙල් ජනයාගේ නාම දැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 මෙසේ ආරොන් ශුද්ධ ස්ථානයට ඇතුල්වන කල්හි ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නිරන්තර සිහිකරවීමක් පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නාම විනිශ්චයේ ළය වැස්මෙහි තමාගේ හෘදය පිට දරාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 28:29
8 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා සිහි කිරීමේ ගල් මෙන්, ඒ ගල් දෙක ඒපොද් නම් සැට්ටයේ උර පටියේ ඔබ්බා තැබිය යුතු ය. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ ඉදිරියට තම උරහිස් දෙක මත සිහිවීමක් මෙන් ඔවුන්ගේ නාම උසුලාගෙන යනු ඇත.


විනිශ්චයේ ළය වැස්මෙහි උරිම් සහ තුම්මිම් යන පස ඇට දැමිය යුතු වේ. මෙලෙස ආරොන් සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියට පැමිණෙන විට ඒවා ඔහුගේ ළය මත තිබෙනු ඇත. ඔහු ද සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි නිතර ම ඉශ්රායෙල් ජනයා විනිශ්චය කිරීමේ උපකරණ තම ළය මත දැරිය යුතු වේ.”


සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය.


ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගේ ම කෙනෙක් වන්නේ ය; ඔවුන්ගේ ආණ්ඩුකාරයා ද ඔවුන් අතරෙන් ම නැඟී එන්නේ ය. මා වෙත එන්නට මම ඔහුට අවසර දෙන්නෙමි. එවිට ඔහු මා වෙත ළඟා වන්නේ ය. කැඳවීමක් නැති ව ම මා වෙත පැමිණෙන්නට බිය නොවන්නේ කවරෙක් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.


ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.


“තවද, ඒපොද් නම් සැට්ටයේ කලාවට සම වන පරිදි විනිශ්චයේ ළය වැස්ම ද ගෙත්තම් කොට සෑදිය යුතු ය. එය රනින් ද නිල්, දම් සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද සෑදිය යුතු ය.


ළය වැස්ම ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද පිණිසත්, එය ඒපොද් සැට්ටයෙන් බුරුල් නොවී පවතින පිණිසත් එහි වළලු ඒපොද් සැට්ටයේ වළලුවලට නිල් පැහැති පටියකින් බැන්ද යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්