Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:20 - Sinhala New Revised Version 2018

20 “පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 “පහන නිතර ම දැල්වෙමින් පවතින පිණිස, පහනට පිරිසිදු ඔලීව තෙල් ගෙනෙන්නට නුඹ ඉශ්රායෙල් ජනයාට අණ කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එළිය දීමට පහනක් නිතර දැල්වී තිබෙන පිණිස, කොටා සිඳගත් පිරිසිදු ඔලීව තෙල් නුඹ ළඟට ගෙනෙන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:20
13 හුවමාරු යොමු  

ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.


ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය.


තනි රන් පහන් රුක හා එහි පහන් ද පිළිවෙළට තබන පහන් හා එහි උපකරණ සියල්ල ද පහන දැල්වීමට තෙල ද


මේ දෙදෙනා පොළොවේ සමිඳාණන් වහන්සේ ඉදිරිපිට තිබෙන ඔලීව ගස් දෙක ද පහන් රුක් දෙක ද වෙයි.


පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද,


මණ්ඩපයේ සියලු සේවාවලට භාවිතා කරන සියලු උපකරණ ද මණ්ඩපයේත්, මළුවේත් ඇති කූඤ්ඤ සියල්ල ද ලෝකඩයෙන් විය යුතු ය.”


පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද


පහනට තෙල් ද ආලේප තෛලය හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය හා තෙල් ද ගෙනාහ.


මේසය ගෙනැවිත්, එය මත පිළිවෙළට තැබිය යුතු දේවල් එය මත තබා, පහන් රුක ද ගෙනැවිත්, එහි පහන් දැල්විය යුතු ය.


සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්