Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:7 - Sinhala New Revised Version 2018

7 “මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මණ්ඩපය මතුපිටින් කූඩාරමක් කොට එළු ලොමින් තිර සාදන්න. ඒ ආකාර තිර එකොළොසකුත් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:7
18 හුවමාරු යොමු  

තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.


එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.


එවිට උන් වහන්සේ සියොන් කන්දට හා එහි සිටින සියල්ලන්ට ඉහළින් දවාලේ වලාකුළක් ද රාත්‍රියේ දුමාරයක් හා දීප්තිමත් ගින්නක් ද මවා එවන සේක. දෙවියන් වහන්සේගේ තේජාලංකාරය මුළු නගරය වසා ගෙන එය ආරක්ෂා කරන ආවරණයක් මෙන් වන්නේ ය.


මාලිගයෙහි රාජ දියණිය, රාජ තේජසින් වැජඹෙන්නී ය. ඇගේ සළුව රන්කමින් විසිතුරු කොට ඇත.


ඔබ හැමගේ වස්ත්‍ර ද සමින් සහ එළු ලොමින් සහ ලීයෙන් සාදන ලද සියල්ල ද පවිත්‍ර කළ යුතු ය”යි කීවේ ය.


ඔවුන් මණ්ඩපයේ තිර ද, තිරයෙන් ආවරණය වූ සම්මුඛ මණ්ඩපය ද, එහි අභ්‍යන්තර ආවරණය ද, ඒ මත අතුරා ඇති පදම් කළ සම් ආවරණය ද, සම්මුඛ මණ්ඩපයේ දොරටුවේ කඩතුරාව ද,


දක්ෂ කාන්තාවන් සියල්ලෝ ද තම හැකියාවන් අනුව එළු ලොම් කටින්නට පටන්ගත්හ.


නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ ද එළු ලොම් ද රතු සායම් පෙවූ බැටළු ලොම් ද පදම් කළ හම් ද ඇති සියලු දෙන ඒවා ගෙනාහ.


නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද


තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ.


මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය.


තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය.


“තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ.


නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද,


තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ.


එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්‍රමාණ විය යුතු වේ.


මොවුන්ට සම්මුඛ මණ්ඩපයේ පහත දක්වන කොටස් භාර විය. එනම්, මළුවේ තිර ද, මණ්ඩපය ද, එහි වැස්ම ද කඩතුරාව ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්