Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:3 - Sinhala New Revised Version 2018

3 තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තිර පහක් එකකට එකක් සන්ධිකරනු ලබන්නේය; අනික් තිර පහද එකකට එකක් සන්ධිකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:3
12 හුවමාරු යොමු  

ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.


මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය.


හිස වන උන් වහන්සේ කරණකොටගෙන මුළු ශරීරය, ඊට සපයා ඇති එක එක අවයවයයෙන් සන්ධි කොට, ඒකාබද්ධ කරනු ලැබේ. එක එක අවයවය ඊට යුතු ලෙස ක්‍රියා කළ විට මුළු ශරීරය ප්‍රේමයෙන් වැඩී, වර්ධනය වේ.


විවිධාකාර දීමනා ඇතත්, සිටින්නේ එක ම ශුද්ධාත්මයාණෝ ය.


පියාණෙනි, මා මෙසේ යාච්ඤා කරන්නේ ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින්නාක් මෙන්, ඔවුන් ද අප තුළ ඒකත්වයක් වන පිණිසත්, ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත් ය.


ඔහු තිර පහ බැගින් ගෙන ඒවා වෙන වෙන ම එකට යා කෙළේ ය.


තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය.


එක තිරයක දිග මීටර් දොළහක් ද පළල මීටර් දෙකක් ද විය යුතු යි. ඒ තිර සියල්ල ම එක ප්‍රමාණයට තිබිය යුතු වේ.


මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්