Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 24:1 - Sinhala New Revised Version 2018

1 තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද, උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ ද ආරොන් ද නාදාබ් ද අබිහු ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු ද සමිඳාණන් වහන්සේ වන මා වෙත කන්දට නැග, දුරින් සිට නමස්කාර කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 24:1
20 හුවමාරු යොමු  

එවිට, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඉශ්රායෙල් සෙනඟගේ ප්‍රජා මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමඟ ඔවුන් ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න.


ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.


“මට පූජක නිලයෙහි සේවය කරන පිණිස ඉශ්රායෙල් ජනයා අතරින් නුඹේ සහෝදරයා වන ආරොන් ද ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ් සහ අබිහු ද එලෙයාසර් සහ ඊතාමාර් ද කැඳවන්න.


උන් වහන්සේ ඔහු අමතමින්, “යන්න, බැස ගොස්, නුඹ ද නුඹ සමඟ ආරොන් ද කැඳවා ගෙන නැඟී එන්න. එහෙත් පූජකවරුන් ද සෙනඟ ද සමිඳාණන් වහන්සේ වන මා වෙත නැඟී ඒමට මායිම් නොබිඳිය යුතු ය. එසේ වුණොත් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.


ඉන්පසු සැත්තෑ දෙනා ප්‍රීතියෙන් හැරී අවුත්, “ස්වාමීනි, ඔබගේ නාමයේ අනුහසින් දුෂ්ටාත්මයෝ පවා අපට අවනත වෙති”යි කී හ.


ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.


ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය.


අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය.


හෙට අලුයම් වේලෙහි සූදානම් ව, සීනයි කන්දට නැඟ, කන්ද මුදුනෙහි මා ඉදිරියෙහි පෙනී සිටින්න.


මෝසෙස් ඉන්පසු කන්දට නැංගේ ය. වලාකුළ කන්ද වසාගත්තේ ය.


මෝසෙස්, ආරොන්, නාදාබ් සහ අබිහු ද ඉශ්රායෙල්වරුන් අතර මූලිකයන්ගෙන් හැත්තෑදෙනෙක් ද කන්දට නැඟ,


එහෙත්, සෙනඟ ඈතින් ම සිටගත් කල මෝසෙස් දෙවියන් වහන්සේ වැඩසිටි අඳුරු වලාකුළට සමීප විය.


සමිඳාණන් වහන්සේ එවිට සීනයි කඳු මුදුනට බැස වදාළ සේක. උන් වහන්සේ මෝසෙස් කඳු මුදුනට කැඳවූ බැවින්, ඔහු ද එහි නැඟී ගියේ ය.


නැවත සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, මා නුඹ සමඟ කතා කරන විට සෙනඟට ඇසෙන පිණිසත්, ඔවුන් නිතර ම නුඹ විශ්වාස කරන පිණිසත් මම නුඹ වෙත ඝන වලාකුළක් මඟින් එන්නෙමි”යි වදාළ සේක. මෝසෙස් සෙනඟ දුන් පිළිතුර සමිඳාණන් වහන්සේට දැන්වී ය.


එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.


ජාකොබ්ගේ පෙළපතින් පැවත ආ සියල්ලෝ හැත්තෑදෙනෙක් වූ හ. ජෝසෙප් එවකට මිසරයෙහි සිටියේ ය.


මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.


එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්