Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 20:7 - Sinhala New Revised Version 2018

7 “නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 20:7
25 හුවමාරු යොමු  

‘නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිත නොකරන්න. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිත කරන්නේ ද ඔහුට උන් වහන්සේ දඬුවම් කරන සේක.


තවද, නුඹලා මාගේ නාමයෙන් බොරුවට නොදිවුළ යුතු ය. දෙවියන් වහන්සේගේ නාමයට නුඹලා අපහාස නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.


මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.


සැබෑ ලෙසත්, යුතු ලෙසත්, අවංක ලෙසත් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නෙහි නම්, සියලු ජාතීහු නුඹ ආසිරිලත් අයුරින් ආසිරි පතා මට ප්‍රශංසා කරන්නෝ ය.”


අප ඔවුන්ට මෙසේ කළ යුතු ය: ඔවුන්ට ජීවත් වීමට අපි ඉඩ හරිමු. එසේ නොකළොත්, අප ඔවුන්ට දුන් දිවුරුම නිසා උදහස අප පිටට පැමිණෙනු ඇත.


ඒ මිනිස්සු ද ඈට පිළිතුරු දෙමින් මෙසේ කී හ: “ඔබ අපෙන් ගත් දිවුරුම අපි ඉටු කරන්නෙමු.


ඉතින් මා ඔබට කරුණාව පෙන්වූ බැවින්, දැන් ඔබ මාගේ පියාගේ පවුලට කරුණාව පෙන්වන බවට සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා ඒ බවට මට සහතිකයක් දෙන්න.


එසේ දිය යුත්තේ, මා සැප සම්පතින් පිරී, ඔබ හැරදමා, “ඔය කියන සමිඳාණෝ කවරෙක් දැ”යි නොකියන පිණිසත්, මා දිළිඳෙකු වී, සොරකමට වැටී, දෙවිඳුන්ගේ නාමයට අගෞරව නොකරන පිණිසත් ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.


මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.


එහෙත්, ඔහුට දඬුවම් නොකර නාරින්න; ඔබ පැණවත් මිනිසෙකු බැවින් ඔහුට කළ යුතු දේ කුමක් දැ යි ඔබ දන්නෙහි ය. ඔහුගේ මහලු වයසේ දී ලේ වගුරුවා මැරෙන්න සලස්වන්න.”


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ගරුබිය පෑ යුතු ය. උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.


එකල දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා වන එලිෂාගේ වැඩකාර ගෙහාසී කල්පනා කොට, “බලන්න, මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙනා දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේ ය. ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම ඔහු පස්සේ දිව ගොස් ඔහුගෙන් යමක් ලබාගනිමි”යි දිවිරී ය.


ඔබේ සතුරෝ ඔබට විරුද්ධ ව කතා කියති; ඔව්හු ඔබේ වචන නොසලකා හරිති.


එහෙත්, නුඹලා ඒ අදහස වෙනස් කරගෙන මාගේ නාමයට අගෞරව කළහු ය. ඔවුන්ගේ කැමැත්ත පරිදි නුඹලා නිදහස් කර යැවූ ස්ත්‍රී-පුරුෂ වහලුන් නුඹලා එකිනෙකා නැවත ගෙනවුත් නුඹලාගේ වහල් සේවයට බල කළහු ය.


මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”


ඊසාක් තම පුතුට කතා කරමින්, “පුතා, උඹ මේවා මෙතරම් ඉක්මනින් සොයාගත්තේ කෙසේ දැ”යි ඇසී ය. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේවා මට ඉක්මනින් ලැබෙන්නට සැලැසූ සේකැ”යි ඔහු උත්තර දුනි.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්