නික්මයාම 20:20 - Sinhala New Revised Version 201820 ඔහු සෙනඟට උත්තර දෙමින්, “බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔහු සෙනඟට උත්තර දෙමින්, “බිය නොවන්න; දෙවියන් වහන්සේ ඔබ පරීක්ෂා කරන පිණිසත්, ඔබ පව් නොකරන ලෙස උන් වහන්සේ කෙරෙහි බිය උපදවන පිණිසත් පැමිණි සේකැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මෝසෙස්ද: භය නොවන්න. නුඹලා සෝදිසිකරන පිණිසද නුඹලා උන්වහන්සේ කෙරෙහි භය ඇතුව සිට පව්නොකරන පිණිසද දෙවියන්වහන්සේ ආසේකැයි සෙනඟට කීය. පරිච්ඡේදය බලන්න |
එසේ ඉගැන්විය යුතු කරුණු නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අබිමුව හොරෙබ් කඳු මුදුනේ ඔබ සිටි දින ගැන ය. එදින උන් වහන්සේ මට කතා කොට, ‘සෙනඟ රැස් කරන්න. මාගේ වචන මම ඔවුන් හට ඇසෙන්නට සලස්වමි. එවිට ඔවුන් මිහි පිට දිවි ඇති තාක් මට ගරුබිය දැක්වීමට ඉගෙන ගනු ඇත. එසේ කිරීමට ඔවුන්ගේ දරුවන්ට ද උගන්වනු ඇතැ’යි වදාළ සේක.