Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 19:12 - Sinhala New Revised Version 2018

12 නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නුඹ කන්ද වට කර සෙනඟ මායිමේ සිටුවා, ‘කන්දට නොනඟින හැටියටත්, කන්ද පාමුල ස්පර්ශ නොකරන හැටියටත් පරෙස්සම් වන්නැ’යි ඔවුන්ට කියන්න. යමෙකු කන්ද ස්පර්ශ කළොත් ඔහු ඇත්තෙන් ම මරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නුඹ සෙනඟට හාත්පසින් සීමා තබා: නුඹලා කන්දට නොනගින හැටියටත් එහි අද්දර ස්පර්ශනොවන හැටියටත් බලාගන්නැයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නුමුත් සැබවින් මරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 19:12
11 හුවමාරු යොමු  

ඔබ මේ මාර්ගයෙන් කවදාවත් නොගිය බැවින්, යා යුතු මාර්ගය එවිට ඔබ දැනගන්නහු ය. එහෙත්, ඔබ ගිවිසුම් කරඬුවට ළං වී නොයා යුතු ය. එය හා ඔබ අතරේ කිලෝමීටරයක් පමණ දුර තිබිය යුතු ය”යි කීවේ ය.


පරෙස්සම් වන්න! ඔබේ ඇසින් ඔබ දුටු දේවල් අමතක නොවන පිණිසත්, දිවි ඇති තාක් ඒවා ඔබේ සිතින් පහ වී නොයන පිණිසත්, ඒවා මැනවින් සලකා බලන්න. ඒවා ඔබේ දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත් කියා දෙන්න.


නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.


නුඹ යන දේශයේ වැසියන් සමඟ ගිවිසුමක් නොකිරීමට බලාගන්න. මන්ද, එය නුඹට මර උගුලක් වන්නට පුළුවන.


එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය.


උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ බැස ගොස් සමිඳාණන් වහන්සේ වන මා බැලීමට මායිම් බිඳගෙන නොඑන පිණිස සෙනඟට අණ කරන්න. නැත්නම් බොහෝ දෙනෙකු නසින්න පුළුවන.


ඔහු මෝසෙස්ට කතා කොට, “මෙතැනින් පලා යන්න; මින්පසු නම් මා ඉදිරියට නොඑන්නට බලාගන්න, මා නුඹ දකින්නේ කවර දිනක ද එදින නුඹ නසිනු ඇතැ”යි කී ය.


ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්,


කිසි මනුෂ්‍යයෙකු නුඹ සමඟ උඩට නො ආ යුතු ය. කන්දේ කිසි තැනක කිසි මනුෂ්‍යයෙකු දක්නා නොලැබිය යුතුයි. එළු බැටළු පට්ටි හෝ ගව පට්ටි කිසිවක් හෝ කන්ද ඉදිරියෙහි තණ නො කෑ යුතු ය”යි වදාළ සේක.


මෝසෙස් පමණක් මට ළං විය යුතු ය. සෙස්සෝ ළං නොවිය යුත්තාහ. සෙනඟ ද කන්දට නොනැංග යුතු ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්