Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 17:10 - Sinhala New Revised Version 2018

10 ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජෝෂුවා මෝසෙස් තමාට කී පරිදි අමලෙක්වරුන් සමඟ සටන් කෙළේ ය. මෝසෙස් සමඟ ආරොන් සහ හූර් යන දෙදෙනා කඳු මුදුනට නැඟී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 යෝෂුවා මෝසෙස් තමාට කී ලෙස කොට, අමලෙක්වරුන් සමඟ සටන් කෙළේය. මෝසෙස්ද ආරොන්ද හූර්ද හෙළ මුදුනට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 17:10
9 හුවමාරු යොමු  

තවද, ඔහු ප්‍රජා මූලිකයන් අමතමින්, “අප යළි ඔබ වෙත පැමිණෙන තෙක් මෙහි බලා සිටින්න. මෙන්න, ආරොන් ද හූර් ද ඔබ සමඟ සිටිති. විසඳීමට ප්‍රශ්නයක් යමෙකුට ඇත්නම් ඔහු ඔවුන් වෙත යා යුතු ය”යි කීවේ ය.


සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.


“බලන්න, මම ජුදාගේ ගෝත්‍රයේ හුර්ගේ පුත්‍රයා වන උරීගේ පුත් බෙශලෙල් තෝරා ගතිමි.


එහෙත්, මෝසෙස්ගේ අත් විඩාවට පත් වූ විට, ඔව්හු ගලක් ගෙන ඔහු පිටුපස තැබූයෙන් ඔහු ද එය මත වාඩි විය. එවිට ආරොන් සහ හූර් දෙපැත්තේ සිටගෙන ඔහුගේ අත් උසුලාගෙන සිටියහ. මෙසේ ඔහුගේ අත්, හිරු බැස යන තෙක් ම පහතට නොවැටී තිබිණි.


මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


මෝසෙස් තමාගේ අත් ඔසවාගෙන සිටි තෙක් ඉශ්රායෙල්වරුන්ට ජය අත් විය. ඔහු තම අත් පහතට හෙළූ විට අමලෙක්වරු ජයගත්හ.


අශුබා මියගිය පසු කාලෙබ් එප්‍රාතා පාවාගත්තේ ය. ඈ ඔහුගෙන් හූර් ලැබුවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්