Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 16:21 - Sinhala New Revised Version 2018

21 ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔව්හු එකිනෙකා තම තමා කන ප්‍රමාණය අනුව උදයෙන් උදය එය රැස් කරගත්හ. අව්ව තද වූ විට එය දිය වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 ඔවුන් එකිනෙකා තම තමා කන ප්‍රකාරයට උදයෙන් උදය එය රැස්කරගත්තෝය. අව්ව තදවූ විට එය දියවී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 16:21
8 හුවමාරු යොමු  

එහෙත්, ඔව්හු මෝසෙස්ට සවන් නොදුන්හ. ඔවුන්ගෙන් සමහරෙක් පසු දින උදය වන තෙක් ඉන් කොටසක් ඉතුරු කළහ. එවිට එහි පණුවන් හටගෙන එයින් දුගඳ හමන්නට විය. මෝසෙස් ඔවුන් සමඟ කෝප විය.


තවද, හය වන දවසේ දී ඔව්හු එකිනෙකාට ලීටර් හතර බැගින් ආහාර දෙගුණයක් රැස් කරගත්හ. ඉන්පසු ප්‍රජා මූලිකයෝ සියලු දෙන මෝසෙස් වෙත පැමිණ මෙය සැළ කළහ.


විපත්ති දවස් පැමිණෙන්නට පෙර ඔබේ යොවුන් වියේ දී ඔබේ මැවුම්කාර දෙවියන් වහන්සේ සිහි කරන්න. මන්ද, ඒවා ප්‍රිය නැතැ යි ඔබ කියන දවස් උදා වන්නේ ය.


ඔබ අත තබන හැම කටයුත්තක් ම මුළු වීර්යයෙන් ඉටු කරන්න; ඔබ යන පාතාල ලෝකයෙහි කිසි වැඩක් වත්, යෝජනාවක් වත්, දැනගැන්ම වත්, ප්‍රඥාව වත් නැත.


එහෙත්, පළමු කොට උන් වහන්සේගේ රාජ්‍යය ද ධර්මිෂ්ඨකම ද සොයන්න; එවිට මේ සියල්ලත් ඔබට දෙනු ලැබේ.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “තව මඳ කලක් ආලෝකය ඔබ අතර පවතිනු ඇත. අන්ධකාරය ඔබ ග්‍රහණය නොකරන පිණිස, ආලෝකය තිබිය දී ඇවිදින්න. අන්ධකාරයේ ඇවිදින තැනැත්තේ ඔහු යන්නේ කොහේ දැ යි නොදනී.


මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්