Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 13:7 - Sinhala New Revised Version 2018

7 දවස් හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් පූප නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. ඔබ ළඟ මුහුන් රොටි නොතිබිය යුතු ය. තවද, මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය, නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 13:7
6 හුවමාරු යොමු  

නුඹලාගේ ගෙවල දින හතක් ම මුහුන් නොතිබිය යුතු ය. යමෙකු මුහුන් මුසු යමක් අනුභව කළොත්, ඔහු විදේශිකයෙක් වේ වා, ස්වදේශිකයෙක් වේ වා, ඔහු ඉශ්රායෙල් ජනතාව කෙරෙන් නෙරපාදමනු ලැබේ.


ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.


එබැවින් පරණ මුහුන්වලින් වත්, ඊර්ෂ්‍යාව සහ දුෂ්ටකම නමැති මුහුන්වලින් වත් නොව, අවංකකම ද සත්‍යය ද නමැති නුමුහුන් පූපයෙන් පාස්කු මංගල්‍යය පවත්වමු.


“සත් දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් පූප අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.


දින හතක් ඔබේ මුළු දේශය තුළ ම කිසිවෙකු ළඟ මුහුන් රොටි තබා නොගත යුතු ය. පළමු වන දින හවස ඔබ පූජා කළ මස්වලින් කිසිවක් උදය දක්වා තබා නොගත යුතු ය.


පාස්කුවට පසු දින ඔව්හු දේශයේ ධාන්‍යවලින් සෑදූ නුමුහුන් පූප හා විළඳ අනුභව කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්