Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 12:25 - Sinhala New Revised Version 2018

25 සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ පරිදි, උන් වහන්සේ ඔබට දෙන්න යන දේශයට ඔබ පැමිණි විට, එහිදීත් මේ පිළිවෙත පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 තවද ස්වාමීන්වහන්සේ පොරොන්දුවූ ලෙස නුඹලාට දෙන්නාවූ දේශයට නුඹලා පැමිණි කල්හි මේ මෙහෙය පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:25
11 හුවමාරු යොමු  

එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.


මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.


“මාගේ දෙවි සමිඳාණන් වහන්සේ මට අණ කළ පරිදි මම ඔබ හට නීති හා නියෝග ඉගැන්වීමි. ඔබ අයිති කරගන්නට යන රටට ඔබ ගිය පසු ඒවා පිළිපැදිය යුතු ය.


තවද ඔබ, මේ පිළිවෙත, ඔබටත්, ඔබ දරුවන්ටත් සදහට ම දුන් නියෝගයක් වශයෙන් පිළිපැදිය යුතු ය.


මේ පිළිවෙතේ තේරුම කුමක් ද කියා ඔබේ දරුවන් ඔබෙන් අසන විට


තවද, සමිඳාණන් වහන්සේ ඔබට දෙන පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ සහ අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ ද දේශයට උන් වහන්සේ ඔබ පැමිණෙවූ කල මේ මාසයේ දී මේ පිළිවෙත පවත්වන්න.


එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතු ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්