Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 12:18 - Sinhala New Revised Version 2018

18 පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 12:18
6 හුවමාරු යොමු  

“සත් දිනක් නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පළමු වන දින නුඹලාගේ ගෙවලින් මුහුන් ඉවත් කළ යුතු ය. පළමු වන දින සිට හත් වන දින දක්වා, යමෙක් මුහුන් පූප අනුභව කරන්නේ ද ඒ තැනැත්තා ඉශ්රායෙල් ජනයා වෙතින් නෙරපාදමනු ලැබේ.


නුමුහුන් පූප මංගල්‍යයේ පළමු වන දින ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “පාස්කු භෝජනය වළඳන පිණිස අප කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි ඇසූ හ.


ඉශ්රායෙල් ජනයා ගිල්ගාල්හි කඳවුරු බැඳ, මාසයේ දස සතර වන දින සවස ජෙරිකෝවේ මිටියාවතේ දී පාස්කු මංගල්‍යය පැවැත්වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්