Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 3:15 - Sinhala New Revised Version 2018

15 එසේ කළත් ගින්නෙන් නුඹ දැවී යන්නෙහි ය. නැතහොත් යුද්ධයේ දී මරනු ලබන්නෙහි ය. පළඟැටියන් ගො‍යම් කාදමන්නාක් මෙන් නුඹ විනාශ වී යන්නෙහි ය. “නුඹ පළඟැටියන් මෙන් ද පනින පළඟැටියන් මෙන් ද ගණනින් වැඩි වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එසේ කළත් ගින්නෙන් නුඹ දැවී යන්නෙහි ය. නැතහොත් යුද්ධයේ දී මරනු ලබන්නෙහි ය. පළඟැටියන් ගො‍යම් කාදමන්නාක් මෙන් නුඹ විනාශ වී යන්නෙහි ය. “නුඹ පළඟැටියන් මෙන් ද පනින පළඟැටියන් මෙන් ද ගණනින් වැඩි වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එහි ගින්න නුඹ දවාදමන්නේය; කඩුවද නුඹව සිඳදමන්නේය, කෙඳි-පළඟැටියන් වාගේ එය නුඹ කාදමන්නේය. කෙඳි-පළඟැටියන් මෙන් වැඩිවෙන්න, පළඟැටියන් මෙන් වැඩිවෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 3:15
10 හුවමාරු යොමු  

පළඟැටි පණුවන් කා ඉතිරි කළ දේ වැඩුණු පළඟැටියෝ කාදැමූ හ. වැඩුණු පළඟැටියන් කා ඉතිරි කළ දේ පනින පළඟැටියෝ කාදැමූ හ. පනින පළඟැටියන් කා ඉතිරි කළ දේ කපන පළඟැටියෝ කාදැමූ හ.


නුඹේ හේවායෝ ගැහැණුන් වැනි ය. සතුරන් ඉදිරියෙහි වාසල් දොරටු සම්පූර්ණයෙන් ම ඇරී ඇත. නුඹේ දොරටුවල අගුල් ගිනිබත් වී ඇත.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම නුඹට විරුද්ධ ය; නුඹේ රථවාහන පුළුස්සා දමමි; නුඹේ තරුණ සිංහයෝ කඩුවෙන් විනාශ වෙති. නුඹ අනුන්ගෙන් පැහැරගත් සියල්ල මම නුඹෙන් පැහැරගනිමි. ලෝකයේ නුඹේ දූතයාගේ හඬ නිහඬ වන්නේ ය.”


සමිඳාණන් වහන්සේ සිය බලය මෙහෙයවා උතුරෙහි ඇති අසිරියාව විනාශ කොට, නිනිවය කාන්තාරයක් මෙන් දිය සීරාව නැති පාළුකරයක් කරනු ඇත.


නුඹලා විනාශ කරන්නට මා විසින් එවන ලද මහා හමුදාවන් වන වැඩුණු පළඟැටියන් ද පනින පළඟැටියන් ද කපන පළඟැටියන් ද පළඟැටි පණුවන් ද කාදැමූ කාලයේ දී විනාශ වී ගිය දේ මම ආපසු නුඹලාට දෙමි.


සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.


එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.


බබිලෝනියට පහර දෙන පිණිස පළඟැටි සමූහයක් මෙන් විශාල සෙනඟක් ගෙනෙන බවට සව් බලැති සමිඳුන් සිය නාමයෙන් දිවුරා ඇත. ඔවුන් ඝෝෂා නඟනු ඇත.”


මහෝත්තම දෙවි ස්වාමීන් වන දෙවියන් වහන්සේ මට දර්ශනයක් දැක්වූ සේක. උන් වහන්සේ පළඟැටියන් කන්දරාවක් ඇතිවන්න සලස්වනු මම දිටිමි. එසේ කෙළේ, රජ්ජුරුවන්ට හිමි ගොයම කැපූ පසු, යල් කන්නය වැවෙන්න පටන්ගත් විට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්