Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නාහුම් 2:5 - Sinhala New Revised Version 2018

5 නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 නිලධාරීන්ට පැමිණෙන්න අණ කරනු ලැබේ. ඔව්හු එන විට පැකිළෙති. පවුරට වේගයෙන් දුව ගො‍ස් මුවාවක් තනා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔහු තමාගේ උත්තමයන් සිහිකරයි. ඔව්හු යනකොට පැකිලෙමින් එහි පවුරට ඉක්මනින් යති, මුවාවද පිළියෙළකරනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නාහුම් 2:5
9 හුවමාරු යොමු  

විජාතීන් නුඹට පත් නින්දාව ගැන අසා තිබේ. ඔබේ කෑගැසීමෙන් පොළොව පිරී තිබේ. මන්ද, සෙබළු එකිනෙකා සමඟ ගැටී දෙදෙන ම එකට ඇද වැටෙන්නෝ ය.


“අසිරියාවේ රජ්ජුරුවෙනි, නුඹේ පාලකයෝ නිදාගනිති; නුඹේ අධිපතීහු සැතපෙති; නුඹේ සෙනඟ කඳුවලට විසිරී ගො‍ස් ඇත. ඔවුන් නැවත එක්රැස් කරන්න කිසිවෙක් නැත.


අසරුවෝ පහර දෙති. කඩු ලෙල දෙයි. හෙල්ල බැබළෙයි. සමූහයක් මැරුම් කා ඇත. මළකඳන් ගො‍ඩගැසී ඇත. මළමිනීවල නිමක් නැත. මිනිස්සු මළකඳන්වල හැපී වැටෙති.


“බබිලෝනියට විරුද්ධ ව දුනු තැත් කවන දුනුවායන් සියල්ලන් කැඳවන්න; ඈට විරුද්ධ ව වටකරින් කඳවුරු බැඳ, කිසිවෙකුට ගැළවී යන්නට ඉඩ නෑර, ඇගේ ක්‍රියාවන්ට සරිලන සේ ඈට ප්‍රතිවිපාක දී ඈ අනුන්ට කළ ලෙස ම ඈටත් කරන්න. මන්ද ඈ ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ දෙවි ස්වාමීන් වහන්සේ වන මට විරුද්ධ ව නැඟී සිටියා ය.


භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ. එවිට හදිසියේ ම, “නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ.


ඔවුන්ගෙන් කිසිවෙකු විඩාවට පත් වන්නේ වත්, පැකිළෙන්නේ වත් නැත; නිදි කිරා වැටෙන්නේ වත්, නිදාගන්නේ වත් නැත; ඔවුන්ගේ ඉඟපටි බුරුල්වන්නේ වත්, පා වහන්වල පටි කැඩෙන්නේ වත් නැත.


ගංගාවල දිය සොරොව් බිඳී ගො‍ස් ඇත; මාලිගාව බියෙන් ඇලළී යයි.


“ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්