Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 9:6 - Sinhala New Revised Version 2018

6 ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ප්‍රේමය ද වෛරය ද ඊර්ෂ්‍යාව ද යන කිසිවක් ඉතිරි වී නැත. මින්පසු මිනිස් ලොවෙහි සිදු වන කිසි දෙයකට ඔවුන් සහභාගි නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 9:6
11 හුවමාරු යොමු  

“නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය.


මනුෂ්‍යයාගේ ජීවිතයේ එනම්, සෙවණැල්ලක් මෙන් ඔහු ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිත කාලයේ පරම සම්පත කිමෙක් දැ යි දන්නේ කවරෙක් ද? නොහොත් මිහි පිට වසන මනුෂ්‍යයෙකුට මරණින් පසු කුමක් ඇද්දැ යි දන්නෝ කවුරු ද?


දමිටුන්ගේ පැතුම සොම්නස ගෙන දෙයි; අදමිටුන්ගේ පැතුම නිෂ්ඵල වෙයි.


එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය.


මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය.


මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?


මෙකී සියල්ල ම සිතෙහි තබාගෙන, ඒ සියල්ල විමසා බැලීමි. ධර්මිෂ්ඨයන් හා ප්‍රඥාවන්තයන් ද ඔවුන්ගේ ප්‍රේමය හා වෛරය ද දෙවියන් වහන්සේ පාලනය කරන බව දිටිමි. යමෙකුට අනාගතයේ දී සිදු වන්නේ කුමක් ද කියා කිසිවෙක් නොදනිති.


ජීවතුන් සිටින මේ ලෝකයේ සමිඳුන් වත්, අන්කිසි දිවි ඇත්තෙකු වත් කිසි කලක දකින්න මට නොලැබේ ය කියා මම සිතුවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්