Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 8:1 - Sinhala New Revised Version 2018

1 ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙක් ඇද් ද? කාරණයක අර්ථය දන්නේ කවරෙක් ද? මිනිසෙකුගේ මුහුණ ඔහුගේ ප්‍රඥාවෙන් පැහැපත් වෙයි; එහි රළුකම පහවී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ප්‍රඥාවන්තයාට සම කළ හැකි කෙනෙක් ඇද් ද? කාරණයක අර්ථය දන්නේ කවරෙක් ද? මිනිසෙකුගේ මුහුණ ඔහුගේ ප්‍රඥාවෙන් පැහැපත් වෙයි; එහි රළුකම පහවී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 8:1
27 හුවමාරු යොමු  

මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දූතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.


ඒ ජාතියට අයත් වූවෝ, රුදුරු මුහුණකින් යුක්ත වූ ද මහල්ලන්ට ගරුසරු නොකරන්නා වූ ද තරුණයන්ට අනුකම්පා නොදක්වන්නා වූ ද ඇත්තෝ වෙති.


එහෙත් ශුද්ධ ලියවිල්ලෙහි එන දිවැස් වැකියක් කිසිවෙකුට තමා විසින් ම විසඳාගැනීම නොහැකි බව පළමුකොට ඔබ දැනගත යුතු ය.


එහෙත් සමිඳාණන් වහන්සේ මා අත්හැර නොගොස් මා ශක්තිමත් කළ සේක. මෙසේ මා මඟින් සුබ අස්න සම්පූර්ණ ලෙස සියලු විජාතීන්ට ඇසෙන සේ ප්‍රකාශ වනු ඇත. එසේ සිංහයාගේ කටින් මම මුදා ගනු ලැබුවෙමි.


දැන් ඉතින් ස්වාමීනි, ඔවුන්ගේ තර්ජන සලකා බලා ඔබගේ වචනය නිර්භීත ව ප්‍රකාශ කිරීමට ඔබගේ දාසයන්ට වර දුන මැනව.


උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය.


දැනුම්තේරුම් ඇති මිනිසාගේ ඉලක්කය ප්‍රඥාව ය; එහෙත් මෝඩයා ඉලක්කයක් නැති ව ඉබාගාතේ යන්නේ ය.


මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත.


සුබ අස්නේ අබිරහස ප්‍රකාශ කරන පිණිස, කතා කරන කොයි විටත්, නිර්භය ව එසේ කිරීමේ ශක්තිය මට ලැබෙන ලෙස යාච්ඤා කරන්න.


උන් වහන්සේ ඔවුන් අබිමුවෙහි අන්වෙසක් වූ සේක. උන් වහන්සේගේ මුහුණ හිරු මෙන් බැබළිණි; වස්ත්‍ර ද ආලෝකය මෙන් සුදු විය.


පැණවතා බලවතාට වඩා උදාර ය. බුද්ධිමතා ශක්තිමතාට වඩා ශ්‍රේෂ්ඨ ය.


බුද්ධිමතුන්ගේ කියුම් ද ප්‍රහේලිකා ද තේරුම්ගනු වස් නුවණැතියෝ ඒවාට සවන් දී දැනුම දියුණු කරගන්නෝ ය; ප්‍රාඥයෝ උපදෙස් ලබාගන්නෝ ය.


ඔව්හු ද ඔහුට උත්තර දෙමින්, “අපි දෙදෙන ම සිහිනයක් බැගින් දුටිමු. එහෙත්, එහි තේරුම කියා දෙන්න කෙනෙක් නැතැ”යි කී හ. එවිට ජෝසෙප් ඔවුන් අමතා, “තේරුම දෙවියන් වහන්සේ සතු දෙයක් නො වේ ද? කරුණාකර, මට ඒවා කියන්නැ”යි පැවසී ය.


එහෙත් දේව උදහස නිසා පමණක් නොව, ඔබගේ හෘදය සාක්ෂිය නිසා ද ඔහුට කීකරු විය යුතු ය.


දුෂ්ටයා කපටි මුහුණක් පෙන්වයි; අවංක මිනිසා තමා යන මඟ ගැන කල්පනාකාරී වෙයි.


ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.


මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්