Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 5:18 - Sinhala New Revised Version 2018

18 මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ හිමි කොටස එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මට අවබෝධ වූ එක දෙයක් තිබේ. එනම්, දෙවියන් වහන්සේ මිනිසෙකුට දෙන ජීවිතයේ සියලු දවස්වල මිහි පිට ඔහුගේ සියලු වැඩකටයුතුවලින් උපයාගත් දෙයින් ඔහු සෑහීමට පැමිණ, කා බී විනෝද වීම ය. ඔහුගේ ඉරණම එය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 5:18
16 හුවමාරු යොමු  

මිනිසෙකුට ඇති හොඳ ම දෙය නම්, තමා උපයාගත් දෙයින් සෑහීමට පත් ව, කා බී සැප සෙල්ලම් කිරීම ය. එහෙත්, එය ද දෙවියන් වහන්සේගෙන් එන වරමක් බව දිටිමි.


මෙසේ මනුෂ්‍යයා තම කටයුතුවලින් ප්‍රීතිය ලබනවාට වඩා සැපතක් නැති බව දිටිමි; එය ඔහුගේ ඉරණම ය. මන්ද, මරණින් පසු තමාට සිදු වන දේ දකින්න ඔහු ආපසු ගෙනෙන්නේ කවරෙක් ද?


උඩඟු නොවී, අස්ථිර ධනය කෙරෙහි නොව, සියල්ල අපට භුක්ති විඳීමට දෙන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු තබන ලෙස මේ ලෝකයේ ධනවතුන්ට, අවවාද කරන්න.


ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත.


දෙවිඳාණන් මිහි පිට මිනිසෙකුට දෙන ලුහුඬු ජීවිතයේ දී, කා බී විනෝද වීමට වැඩි අන් කිසි සැපතක් ඔහුගේ ජීවන සටනේ දී ඔහුට ඇද් ද? දෙවියන් වහන්සේ ඔහුට මිහි පිට දෙන ජීවිත කාලයේ දී ඔහුගේ ශ්‍රමයෙන් ඔහුට ඉතිරි වන්නේ මෙපමණ ය.


මා සිතූපැතූ කවර දෙයක් වුව ද මම ලබාගතිමි. මට රිසි වූ කිසි දෙයකින් මට අඩුවක් නො වී ය. ම සිත යොදා මා සාදාගත් හැම දෙය ගැන ම මම ආඩම්බර වීමි. ඒ හැම දෙය මාගේ සැපත විය.


තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.


ඔහුගේ කෑම කොටස බබිලෝනියේ රජු වෙතින් නියම ලෙස දවස් පතා ම ජීවිතයේ මුළු කාලය තුළ ඔහුගේ මරණය දක්වා ඔහුට දෙන ලද්දේ ය.


ඔවුන්ගේ ද ඔවුන් සමඟ සේවයට හවුල් වෙමින් දිරි දරන සියල්ලන්ගේ ද මූලිකත්වයෙන් කෙරෙන සේවයට ඔබ ද බැඳෙන්න.


එහි දී ඔබ ද ඔබේ ගෙවැසියන් ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ආහාර අනුභව කොට ඔබ හැම උන් වහන්සේගේ ආශීර්වාදයට පාත්‍ර වී ඔබ කළ සියල්ල ගැන ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


ඔබ ද ඔබේ දරුදැරියන් ද දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඒවා වැළඳිය යුත්තේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරා, නියම කරන ස්ථානයෙහි උන් වහන්සේ ඉදිරියෙහි ය. තවද, ඔබ අතින් පුදන සියල්ල ගැන ද උන් වහන්සේ ඉදිරියෙහි ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


එබැවින් හිමිතුමාණෝ සිය තිර පෙම් කඳ දිවා භාගයේ දී මට දක්වන සේක් වා! රෑ යාමවල දී එතුමාණන්ට මසිතෙහි නඟින ගීය මට දිවි දෙන දෙවිඳුන් හට යැදුමක් වේ වා!


ප්‍රඥාව සෙවීමේ අදහස තිබිය දී ම මුළු මිනිස් ලොවෙහි මනුෂ්‍යයා යා යුතු යහ මඟ කුමක් ද කියාත්, මිනිස් වර්ගයාට ප්‍රීතිය දෙන්නේ කුමක් ද කියාත් දැනගන්න පිණිස මාගේ සිත ගත පිනවීමට මම තීරණය කර ගතිමි.


මිනිසෙකු ආසා වන හැම දෙයක් ම, වස්තුව, ධනසම්පත, ගෞරවය යන සියල්ල ම දෙවියන් වහන්සේ ඔහුට දුන්නත්, ඒවා භුක්ති විඳීමට ඔහුට ඉඩ නොදෙන බැවින් ඒවා අන්‍යයෙකු සතු වෙයි. මෙය නිසරු දෙයකි; තදබල වරදකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්