Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දේශනාකාරයා 4:13 - Sinhala New Revised Version 2018

13 අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අවවාදයක් පිළිගන්න අකමැති අඥාන මහලු රජෙකුට වඩා දිළිඳු, නැණවත් යෞවනයෙක් හොඳ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දැනමුතුකම් ලබන්ට නොදන්නාවූ අඥාන මහලු රජෙකුට වඩා දුප්පත් ප්‍රඥාවන්ත යෞවනයෙක් හොඳය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 4:13
11 හුවමාරු යොමු  

ජාකොබ්ගේ පෙළපත් කතාව මේ ය. ජෝසෙප්ට වයස අවුරුදු දාහතක් වූ විට, ඔහු තම සහෝදරයන් සමඟ බැටළුවන්ට තණ කවමින් සිටියේ ය. ඔහු සිටියේ තම පියාගේ භාර්යාවන් වන බිල්හාගේ ද, ශිල්පාගේ ද පුත්‍රයන් සමඟ ය. ජෝසෙප් ඔවුන්ගේ නපුරු ක්‍රියා ගැන පියාට දැන්වුයේ ය.


ඉශ්රායෙල් රජ ද, “සමිඳාණන් වහන්සේගෙන් විචාරන පිණිස ඉම්ලාගේ පුත් මීකායා නම් තව කෙනෙක් සිටියි. එහෙත්, ඔහු මා ගැන දිවැස් වැකියෙන් නරකක් මිස යහපතක් නොකියන නිසා මම ඔහුට වෛර වෙමි”යි ජෙහෝෂාපාට්ට කීවේ ය. ජෙහෝෂාපාට් ද, “රජතුමා එසේ නොකියාවා”යි කීවේ ය.


මෙසේ ඔහු රජු සමඟ කතා කරද්දී අමශියා ඔහුට කතා කොට, “ඔබ රජුගේ මන්ත්‍රීවරයෙකු කොට පත් කෙළෙමු ද? ඔබ මැරුම්කන්න කැමැති නැත්නම් නිකම් සිටින්නැ”යි කීවේ ය. එවිට දිවැසිවරයා නැවතී, “ඔබ මාගේ දැනුමැතිකම නොඅසා මෙය කළ බැවින්, දෙවියන් වහන්සේ ඔබ විනාශ කරන්න තීරණය කර ගත් බව මට පෙනේ ය”යි කීවේ ය.


අවංක ගතිගුණ ඇති දිළිඳා වංචා කතා කියන මෝඩයාට වඩා උතුම් ය.


වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.


තනි ව සිටින කෙනෙකු පරාජය විය හැකි ය. එහෙත්, සතුරාට විරුද්ධ ව සිටින්නට දෙදෙනෙකුට හැකි වෙයි. තුන් පොටේ ලණුවක් පහසුවෙන් නොකැඩෙන්නේ ය.


ප්‍රඥාව වූ කලී, අධිපතීන් දසදෙනෙකු නගරයකට කරන සේවයට වඩා උසස් සේවයක් කිරීමට මිනිසෙකුට ඇති ශක්තියකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්