Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 4:10 - Sinhala New Revised Version 2018

10 ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔවුන්ගෙන් කෙනෙකු වැටුණොත් අනික් තැනැත්තා සිය යහළුවා නැඟුටුවනු ඇත. එහෙත්, තමා නැඟුටුවන්න එවැනි කෙනෙකු නැති ව තනි ව සිට වැටෙන්නාට වන විපතක මහත!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔවුන් වැටුණොත් එක්කෙනෙක් තමාගේ යහළුවා නැගුටුවනවා ඇත. එහෙත් තමා නැඟුටුවන්ට කෙනෙක් නැතුව තනිව සිට වැටෙන්නාට දුක්වෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 4:10
17 හුවමාරු යොමු  

එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.


එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න.


සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.


එවිට සාවුල්ගේ පුත් ජොනතන් හොරෙෂ්හි සිටි දාවිත් වෙත අවුත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඔහු වෙත ඇතැ යි කියමින් ඔහු ධෛර්යවත් කෙළේ ය.


ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා, “අපි එළිමහනේ කෙතට යමු”යි කී ය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධ ව නැඟිට ඔහු මරාදැමී ය.


ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නො‍සිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය.


වැලපීමේ කාලය නිම වූ විට දාවිත් තමාගේ නිවෙසට ඈ ගෙන්වා ගත්තේ ය. ඔහු ඈ සරණ පාවාගත්තේ ය. ඈ දාවිත්ට දාව පුත්‍රයෙකු ලැබුවා ය. එහෙත්, දාවිත් කළ ක්‍රියාව ගැන සමිඳාණන් වහන්සේ ඉතා අප්‍රසන්න වූ සේක.


මෝසෙස් ද ආරොන් අමතමින්, “මේ සෙනඟ ලවා මේ සා මහත් පාපයක් කරවීමට ඔවුන් ඔබට කුමක් කෙළේ දැ”යි විචාළේ ය.


එක් කෙනෙකුට වඩා දෙදෙනෙක් හොඳ ය; දෙදෙනෙකු එක් ව වැඩ කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගනු ඇත.


තව ද, ශීත කාලයේ දී දෙදෙනෙකු එක් ව සැතපුණොත් ඔවුන්ට උණුසුම ලැබෙන්නේ ය. එහෙත්, කෙනෙකු තනියම උණුසුම් වන්නේ කොහොම ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්