Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 2:4 - Sinhala New Revised Version 2018

4 මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මම උදාර දේ කෙළෙමි; මම මන්දිර ගොඩනඟා, මිදිවතු වවාගත්තෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 මම මහත් කර්මාන්ත කෙළෙමි; මම ගෙවල් ගොඩනගාගෙන මිදිවතු වවාගත්තෙමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 2:4
17 හුවමාරු යොමු  

මාගේ පෙම්වතාට ඔහුගේ මිදි වත්ත ගැන මම ගී ගයමි. මා පෙම්වතාට මිදි වත්තක් සරුසාරවත් කඳු බෑවුමක තිබිණි.


අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු. එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.


මා පෙම්වතා මට එන්ගෙදියේ මිදි වතුවල වැවුණ වන මල් පියුම් පොකුරක් වැනි ය.


වරක් ඔවුන්ගේ ම නමින් ගම්බිම් තිබුණ නමුත්, දැන් ඔවුන්ගේ ගෙවල් සදහට ම සොහොන් ගෙවල් වී ඇත. ඔවුන් එහි සදහට ම වාසය කරනු ඇත.


ඔහුට පහත රටෙහිත්, සමභූමියෙහිත් බොහෝ සිවුපාවුන් සිටි නිසා ඔහු පාළුකරයෙහි මුරකොටු ගොඩනඟා බොහෝ ජලාශයන් ද සෑදුවේ ය. ඔහු ගොවි කර්මාන්තයට සතුටු ව සිටි බැවින් ඔහුට කඳුවලත්, සරු කෙත්වලත් ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද සිටියෝ ය.


සලමොන් වනාහි පාරාවෝගේ දුව දාවිත්ගේ නුවරින් කැඳවාගෙන විත්, ඇය සඳහා ගොඩනැඟුවා වූ මාලිගාවට ඇය ගෙනාවේ ය. මන්ද, “සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව පැමිණි ස්ථාන ශුද්ධ බැවින් මාගේ භාර්යාවක ඉශ්රායෙල් රජ වූ දාවිත්ගේ මාලිගාවෙහි නොවිසිය යුතු ය”යි ඔහු කීවේ ය.


මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය.


“මා සහ ඔබ අතරේ ද මාගේ සහ ඔබේ පියා අතරේ ද ගිවිසුමක් තිබේ. මෙන්න, රන් රිදී තෑග්ගක් ඔබට එවමි. ඉශ්රායෙල් රජ වන බාෂා මා වෙතින් අහක් ව යන පිණිස, ඔබ අවුත් ඔහු සමඟ කර තිබෙන ඔබේ ගිවිසුම කඩ කළ මැනව”යි කියා හැරී ය.


සලමොන් සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රාජ මාලිගාව ද ගොඩනඟා, තම ආසාව පරිදි සාදන්නට කැමැති වූ සියල්ලත් සාදා නිම කළ විට,


අබ්සලොම් ජීවත් ව සිටිය දී, “මාගේ නාමය සිහිපත් කරවන්නට මට පුත්‍රයෙක් නැතැ”යි රජුගේ මිටියාවතේ තිබෙන කණුව තමා සිහි වීම උදෙසා පිහිටුවා, ඊට තමාගේ නම තැබුවේ ය. අද දක්වා ඊට ‘අබ්සලොම් ටැඹ’ යයි කියනු ලැබේ.


එවිට ඔව්හු කතා කොට, “එන්න, අපි අහස උසට නඟින කොතක් ඇති නගරයක් අපට ම ගොඩනඟා, කීර්තිමත් වෙමු. නැත්නම් මිහි පිට අපට සීසීකඩ විසිර යන්නට සිදු වනු ඇතැ”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්