Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




දේශනාකාරයා 1:1 - Sinhala New Revised Version 2018

1 ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 1:1
13 හුවමාරු යොමු  

සලමොන් මුළු ඉශ්රායෙල් ජාතිය හතළිස් අවුරුද්දක් ජෙරුසලමෙහි පාලනය කෙළේ ය.


තවද, ජුදාහි රජෙක් සිටි යි කියමින් ඔබ ගැන ම ජෙරුසලමෙහි නිවේදනයක් කරනු පිණිස දිවැසිවරුන්ට නියම කර ඇත. ඉතින් මේ ගැන රජ්ජුරුවන්ට සත්තකින් ම ආරංචි වනු ඇත. ඒ නිසා එන්න, අපි එක් ව මන්ත්‍රණය කරගනිමු.”


සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.


ඉශ්රායෙල් රජ වූ, දාවිත්ගේ පුත් සලමොන් පැවසූ හිතෝපදේශ මේ ය:


ඇගේ වැඩ කටයුතුවල සඵලය වර්ණනා කරන්න; ඇගේ වැර වීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න.


ධර්මදේශකයා වන මම ජෙරුසලමෙහි සිහසුන් අරා ඉශ්රායෙල් ජනතාව පාලනය කෙළෙමි.


කරුණු වටහාගැනීම පිණිස එකක් පාසා විමසමින්, “මම මෙය දැනගතිමි”යි ධර්මදේශකයා කියන්නේ ය.


මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.


“නුඹ නැඟිට නිනිවය නම් ශ්‍රේෂ්ඨ නගරයට ගොස් මා නුඹට කියන පණිවුඩය එහි ප්‍රකාශ කරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


උන් වහන්සේ පුරාණ ලෝකයට අනුකම්පා නොකොට අභක්තිකයන්ගෙන් පිරුණු ලෝකය පිට ජලගැල්මක් පැමිණවූ නමුත්, ධර්මිෂ්ඨකම දේශනා කළ නෝවා සහ තවත් සත් දෙනෙකු පමණක් ආරක්ෂා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්