Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 8:6 - Sinhala New Revised Version 2018

6 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපනත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණපණත් පිළිපදිමින් උන් වහන්සේගේ මාර්ගයෙහි යමින් ගරුබිය පෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ මාර්ගවල හැසිරෙමින් උන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා රක්ෂාකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 8:6
9 හුවමාරු යොමු  

ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”


මේ යුවල සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා හා නියෝග නිවැරදි ව පිළිපදිමින් දෙවියන් වහන්සේ අබිමුවෙහි දැහැමින් විසූ හ.


සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති, එතුමාණන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.


එවිට ඔබ අපේ පියවරුන්ට දුන් භූමිය මතු පිට ඔවුන් ජීවත් වන මුළු කාලයේ දී ඔව්හු ඔබ කෙරෙහි බිය වී ඔබේ මාර්ගවල ගමන් කරන්නෝ ය.


සමිඳාණන් වහන්සේට ගරුබිය ඇතිව, ඔබේ මුළු සිතින් උන් වහන්සේට සැබෑ ලෙස වැඳුම්පිදුම් කරන්න. සමිඳාණන් වහන්සේ ඔබ උදෙසා කොපමණ මහත් දේ කර ඇත් දැ යි සිහි කරන්න.


ඔබ ඔවුන්ට ආඥා සහ අණපනත් උගන්වමින් ඔවුන් හැසිරිය යුතු අන්දම හා ඔවුන් ඉටු කළ යුතු දේ ද පෙන්වා දිය යුතු ය.


පියෙකු තම පුතා හික්මවන්නා සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ද ඔබ හික්මවන බව ඔබ මෙනෙහි කළ යුතු ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ සරුසාර රටකට ඔබ ගෙනෙන සේක. ඒ වනාහි දිය ඇළවලින් ද, මිටියාවතින් සහ කඳුකරයෙන් පැන නඟින දිය උල්පතින් සහ පොකුණුවලින් ද ගහණ වූ රටකි.


මට ගරුබිය දැක්වීමටත්, ඔවුන්ටත්, ඔවුන්ගේ පෙළපත්වලටත් සදහට ම ශුභසිද්ධිය සලසන පිණිස මාගේ අණපනත් නිරතුරුව පිළිපැදීමටත් තුඩු දෙන සිතක් ඔවුන් තුළ මෙලෙස ඇත්නම් කෙතරම් වාසනාවක් ද!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්