Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 33:20 - Sinhala New Revised Version 2018

20 ගාද්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “ගාද් දේශය පුළුල් කරන හිමි හට ආසිරි වේ වා! ගාද් සිහදෙනක මෙන් නිදා සිටියි. සතුරන්ගේ බාහුව හා හිස් මුදුන ඉරාදමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ගාද්ගේ පෙළපත ගැන මෙසේ කී ය: “ගාද් දේශය පුළුල් කරන හිමි හට ආසිරි වේ වා! ගාද් සිහදෙනක මෙන් නිදා සිටියි. සතුරන්ගේ බාහුව හා හිස් මුදුන ඉරාදමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔහු ගාද් ගැන කියනුයේ–ගාද් විශාලකරන තැනැන්වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු සිංහ ධේනුවක් මෙන් හිඳ බාහුව සහ හිස්මුදුනත් ඉරාදමන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 33:20
14 හුවමාරු යොමු  

ගාද්ට සොර සතුරු මුළක් පහර දේවි! පහරට පහර දී ඔහු උන් ලුහුබඳීවි!


ජාකොබ්ගේ වංශයේ ඉතිරි අය බොහෝ සෙනඟ වන ජාතීන් අතරේ වනයේ සැරිසරන සිංහයෙකු මෙන් ද බැටළු ගාල් අතරේ සිංහ පැටියෙකු මෙන් ද වන්නෝ ය. ඔව්හු යන විට ගොදුරු පිට කඩා පැන, කෑලි කෑලිවලට ඉරා දමන්නෝ ය. බේරාගන්න කිසිවෙක් නොවන්නේ ය.


ඔබ මා යන මඟ පළල් කළ සේක; මාගේ දෙපා ස්ථිර ව පිහිටිණි.


එතුමාණෝ ඉඩකඩ ඇති තැනකට මා ගෙනා සේක; මා කෙරේ ප්‍රිය මනාප වූයෙන් මා මිදූ සේක.


ජාබෙශ් ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේට යාච්ඤා කොට, “අහෝ, ඔබ මට ආශීර්වාද කර, මාගේ සීමාව විශාල කර, ඔබේ අතින් මට පිහිට වී, මට දුක් නූපදින ලෙස විපතෙන් මා ආරක්ෂා කළ මැනව”යි කීවේ ය. දෙවියන් වහන්සේ ද ඔහුගේ ඉල්ලීම ඉෂ්ට කළ සේක.


ඒ ප්‍රදේශයට හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන්ට, අම්මොන්වරුන්ගේ සීමාව දක්වා අයිති ව තිබුණු සියලු නගර ද


මනස්සේගේ සෙසු අර්ධ ගෝත්‍රයටත්, රූබන්වරුන්ටත්, ගාද්වරුන්ටත් සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් ජොර්දානෙන් නැගෙනහිර ප්‍රදේශය උරුම කොට දුන්නේ ය.


ජුදා සිහ පොව්වෙකි, මපුත, ඔහු ගොදුරු කා යළි ගුහාව බලා එයි. ඔහු සිහ රදෙකු මෙන් ද සිහ දෙනක මෙන් ද වක ගැසී වැතිර සිටියි. ඔහු නැඟිටුවන්නේ කවරෙක් ද?


මෙම්පිස් හා තාපන්හේස්හි සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ බලය බිඳදමා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්