Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 32:34 - Sinhala New Revised Version 2018

34 ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ඉශ්රායෙල් ජනයා මට අනගි නොවේ ද? මාගේ ගබඩාවල සම්පත් මෙන් ඔවුන් තැන්පත් කොට නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 මෙය මා ළඟ සඟවා, මාගේ ගබඩාවල මුද්‍රකර තබා තිබෙනවා නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 32:34
10 හුවමාරු යොමු  

“එප්‍රායිම් සෙනඟගේ පාප හා අපරාධ සටහන් කර ඇත. ඒ සටහන් සුරක්ෂිත ව තැන්පත් කර ඇත.


ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත. මාගේ අපරාධ වසා සඟවා ඇත.


එහෙත් ඔබ මුරණ්ඩු ය; දරදඬු සිතක් ඔබට ඇත. දෙවියන් වහන්සේ ස්වකීය සාධාරණ විනිශ්චය එළිදරව් කරන්නට යන දේව උදහසේ දවසට ඔබ දුර්විපාක රැස් කරන්නෙහි ද?


නුඹ ලුණු මුසු දියෙන් නුඹ ම සෝදා ගත්තත්, බොහෝ සේ සබන් ගාගත්තත්, නුඹේ පාප මා ඉදිරියෙහි නොමැකී පෙනේ. මෙසේ පවසන්නේ දෙවි සමිඳාණන් වහන්සේ වන මම ය.


එබැවින් සමිඳාණන් වහන්සේ එන තුරු නියම කාලයට පෙර කිසි විනිශ්චයක් නොකරන්න. උන් වහන්සේ අඳුරෙහි සැඟවුණු දේ ආලෝකයට පමුණුවා, සිත් සතන්හි අදහස් හෙළි කරන සේක. එවිට හැම දෙනෙක් ම තම තමන්ට හිමි ප්‍රශංසාව දෙවියන් වහන්සේගෙන් ලබති.


ඔවුන්ගේ මිදියුස සර්ප විස වැනි ය, පොළඟාගේ සැර විස වැනි ය.


මම ඔප්පුව අත්සන් කර, මුද්‍රාකොට, සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් කිරා ඔහුට මිල දිනිමි.


“ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?


සමිඳාණන් වහන්සේ කෝපයෙන් සහ උදහසින් ද දැඩි ක්‍රෝධයෙන් ද ඇවිළී ඔවුන්ගේ මවු බිමින් ඔවුන් මුලින් උදුරා, අද සිටින පරිදි වෙනත් රටකට ඔවුන් පලවා දැමූ සේක.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්