Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 31:3 - Sinhala New Revised Version 2018

3 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුවෙන් එතෙර වී, ඔබට ඉදිරියෙන් සිටින ජාතීන් වනසාලන සේක. ඔබ ඔවුන්ගේ දේශ අයිති කරගන්නහු ය. සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබට පෙරටුවෙන් ජෝෂුවා යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුවෙන් එතෙර වී, ඔබට ඉදිරියෙන් සිටින ජාතීන් වනසාලන සේක. ඔබ ඔවුන්ගේ දේශ අයිති කරගන්නහු ය. සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබට පෙරටුවෙන් ජෝෂුවා යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව එතරට යනසේක; උන්වහන්සේම නුඹ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, නුඹ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස යෝෂුවා නුඹට පෙරටුව යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:3
19 හුවමාරු යොමු  

එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.


ඒ දවසේ දී සකල ඉශ්රායෙල් ජනතාවගේ ඇස් හමුයෙහි සමිඳාණන් වහන්සේ ජෝෂුවා උසස් කළ සේක. ඔව්හු මෝසෙස්ට ගෞරව කළාක් මෙන් ජෝෂුවාට ද ඔහුගේ මුළු ජීවිත කාලයෙහි ගෞරව දැක්වූවෝ ය.


“මාගේ සේවක වූ මෝසෙස් මළේ ය. දැන් ඉතින් නුඹත්, මේ මුළු සෙනඟත් නැඟිට, ඔවුන්ට එනම්, ඉශ්රායෙල් ජනතාවට මා දෙන්නට යන දේශයට ජොර්දාන් ගඟින් එගොඩ වී යන්න.


සමිඳාණන් වහන්සේ නූන්ගේ පුත් ජෝෂුවාට කතා කරමින්, “ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න වන්න. මා ඔවුන්ට දිවුළ දේශයට ඔබ ඉශ්රායෙල් ජනතාව ගෙන යන්නෙහි ය. මම ඔබ සමඟ සිටිමි”යි වදාළ සේක.


ජෝෂුවාට වගකීම පවරා ඔහු ධෛර්යවත් කර ශක්ති සම්පන්න කරන්න. ඔහු මේ සෙනඟට පෙරටුවෙන් ගොස්, ඔබ දකින දේශය ඔවුන්ට උරුම කරගැනීමට සලසනු ඇතැ’යි වදාළ සේක.


මන්ද, ජෝෂුවා ඔවුන්ට නිවාඩු දුන්නේ නම්, ඉන්පසු වෙන විශ්‍රාම දවසක් ගැන උන් වහන්සේ කතා කරන්නේ නැත.


අපගේ පියවරු ජෝෂුවා හා සමඟ, දෙවියන් වහන්සේ ඔවුන් ඉදිරියෙන් පන්නාදැමූ විජාතීන්ගේ දේශය අයිති කරගත් අවස්ථාවේදීත්, ඔවුන් ලබාගත් මේ කූඩාරම ද ගෙන ගොස් දාවිත්ගේ කාලය දක්වා තබාගත්හ.


සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: “මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.


මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බලන්න, නුඹ මැරෙන කාලය දැන් ආසන්න ය. ජෝෂුවා කැඳවා, මා ඔහුට වගකීම භාර දෙන පිණිස නුඹලා දෙදෙන සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටින්නැ”යි වදාළ සේක. මෝසෙස් සහ ජෝෂුවා ගොස් සම්මුඛ මණ්ඩපයෙහි පෙනී සිටියෝ ය.


ඉන්පසු ඉශ්රායෙල් ජෝසෙප් අමතමින්, “බලන්න, මාගේ අවසානය ළඟ ය. එහෙත්, දෙවියන් වහන්සේ ඔබ සමඟ වැඩසිට, ඔබ නැවත ඔබේ පියවරුන්ගේ දේශයට ගෙනෙන සේක.


සමිඳාණන් වහන්සේ වනසා ලූ අමෝරිවරුන්ගේ රජුන් වන සීහොන්ට සහ ඕග්ට ද ඔවුන්ගේ දේශයට ද කළ ලෙස, උන් වහන්සේ ඔවුන්ටත් කරන සේක.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ඉදිරියෙහි යන සේක. මිසරයේ දී ඔබ ඇස් ඉදිරියෙහි උන් වහන්සේ ඔබ වෙනුවෙන් ඉෂ්ට කළ සියල්ල අනුව, උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක.


ඔබ අයිති කරගන්නට යන දේශයට “දෙවි සමිඳාණන් වහන්සේ ඔබ පැමිණෙවූ කල, ඔබ ඉදිරියට යන විට ඔබට වඩා ගණනින් විශාල, බලවත් ජාතීන් හතක් වන හිත්තීවරුන් සහ ගිර්ගාෂිවරුන් ද, අමෝරිවරුන් සහ කානානිවරුන් ද, පෙරෙස්සිවරුන් සහ හිවීවරුන් ද, ජෙබුසිවරුන් ද උන් වහන්සේ පලවා හරින සේක.


සමිඳාණන් වහන්සේ තමන්ගේ සේවක මෝසෙස්ට අණ කළ ලෙස, මෝසෙස් ජෝෂුවාට අණ කෙළේ ය. ජෝෂුවා ඒ අනුව ක්‍රියා කෙළේ ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ලෙන් කිසිවක් වත් ජෝෂුවා ඉටු නොකර නොහැරියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්