Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 31:21 - Sinhala New Revised Version 2018

21 ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔවුන් පිට බොහෝ විපත්ති හා දුක්කරදර පැමිණෙන විට, ඔවුන්ගේ දරුමුණුබුරන්ට එම ගීතය අමතක නොවන බැවින් එය සාක්ෂිකරුවෙකු මෙන් ඔවුන්ට විරුද්ධ ව සාක්ෂි දෙනු ඇත. මන්ද, මා දිවුළ දේශයට ඔවුන් ගෙනෙන්නට කලින්, දැනට ම මම ඔවුන්ගේ සිතුම් පැතුම් දනිමි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 31:21
16 හුවමාරු යොමු  

මිහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතර ම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳාණන් වහන්සේ දුටු විට


සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.


“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.


මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක.


අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.


එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත.


මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය.


එසේ කෙළේ ඔබගේ බලයෙන් හා කැමැත්තෙන් සිදුවන්නට ඔබ පෙර නියම කළ සියල්ල ඉටුවන පිණිස ය.


ඔබ නැත්තට ම විනාශ වන බවත්, ජොර්දාන් ගඟෙන් එතෙර වී ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබ බොහෝ කල් ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.


ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, “ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය.


දුක් කරදර ඔබට පැමිණෙන විට, අවසානයේ දී වත් ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී, උන් වහන්සේගේ හඬට අවනත වන්නහු නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්