Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 3:9 - Sinhala New Revised Version 2018

9 හෙර්මොන් කන්දට සීදොන්වරු සිරියොන් කියා ද අමෝරිවරු සෙනීර් කියා ද කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 හෙර්මොන් කන්දට සීදොන්වරු සිරියොන් කියා ද අමෝරිවරු සෙනීර් කියා ද කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 (සීදොන්වරු හෙර්මොන්ට සිරියොන්යයි කියත්, අමෝරිවරු ඊට සෙනීර්යයි කියත්;)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 3:9
9 හුවමාරු යොමු  

මනස්සේගේ අර්ධ ගෝත්‍රයේ ජනයා බාෂාන් පටන් බාල්-හෙර්මොන් ද සෙනීර් ද හෙර්මොන් කන්ද ද දක්වා දේශයෙහි වාසය කළෝ ය. ඔව්හු ගණනින් වැඩි වූවෝ ය.


එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක.


ලෙබනොන්හි කඳු වැටි උඩ පනින වහු පැටවුන් මෙන් ද හර්මොන් කන්ද දුව පනින ගොන් වස්සකු මෙන් ද නටන්න සලස්වන සේක.


මාගේ දෙවියෙනි, මාගේ හදවත දෙදරා යන්න ළඟ ය, එබැවින් මවු බිමෙන් ඈත, ජොර්දාන් ගංතෙර ද හෙර්මොන් කඳුකරයෙහි ද මිශාර් කන්දෙහි ද සිට මම ඔබ සිහි කරමි.


උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය.


මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.


ඔව්හු නුඹේ නැවේ ලෑලි සියල්ල සෙනීර්හි දේවදාර ලීවලින් සෑදූ හ. නුඹට කුඹ ගසක් සාදන්න ඔව්හු ලෙබනොන්හි කිහිරි ගස් ගත්හ,


සේයිර්ට යන මාර්ගයෙහි හලක් කන්ද පටන් හෙර්මොන් කන්දට පහළ ලෙබනොන් මිටියාවතේ තිබෙන බාල්-ගාද් දක්වා මුළු දේශය ද අත්කරගෙන, එහි රජවරුන් ද අල්ලාගෙන ඔවුන්ට පහර දී මැරුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්