Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 29:27 - Sinhala New Revised Version 2018

27 එබැවින් මේ පොතේ ලියා ඇති සාප සියල්ල ඒ රටට පමුණුවන තරම් ඊට විරුද්ධ ව උන් වහන්සේගේ කෝපය ඇවිළිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 එබැවින් මේ පොතේ ලියා ඇති සාප සියල්ල ඒ රටට පමුණුවන තරම් ඊට විරුද්ධ ව උන් වහන්සේගේ කෝපය ඇවිළිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපය මේ දේශය පිටට පමුණුවන හැටියට ස්වාමීන්වහන්සේගේ උදහස ඊට විරුද්ධව ඇවුළුණේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:27
14 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සෙලවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.


තවද, හෝෂෙයාගේ නව වන අවුරුද්දේ අසිරියාවේ රජ සමාරිය අල්ලාගෙන ඉශ්රායෙල්වරුන් අසිරියාවට ගෙන ගොස් හලාහි ද ගෝශාන් ගංගාව වන හාබොර් ළඟ ද මේදවරුන්ගේ නුවරවල ද පදිංචි කරවී ය.


මම මේ ස්ථානය පිටත්, මෙහි වැසියන් පිටත් ජුදාහි රජු විසින් කියවුණු පොතේ සියලු වචනවල හැටියට විපත් පමුණුවන්නෙමි.


මන්ද, සමිඳාණන් වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන් වහන්සේගේ උදහස නිසා ජෙරුසලමටත්, ජුදාටත් මෙසේ සිද්ධ විය.


බබිලෝනියේ රජ හමාත් රටේ රිබ්ලාහි දී ඔවුන්ට පහර දී ඔවුන් මරාදැමී ය. මෙසේ ජුදාවරු තමන්ගේ ප්‍රවේණි භූමියෙන් විප්‍රවාසයට ගෙන යන ලදහ.


සදහට ම ඔබ අප සමඟ උදහස් ව සිටින සේක් ද? ඔබේ කෝපය පරපුරෙන් පරපුරට ඇවිළි ඇවිළී යන්න ඉඩ දෙන සේක් ද?


තවද, “අපේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සියල්ල අපට කෙළේ මන්දැ”යි සෙනඟ අසන කල, “ ‘නුඹලා මා අත්හැර නුඹලාගේ දේශයේ දී විජාතීන්ගේ දෙවිවරුන්ට සේවය කළ ලෙස ම, නුඹලාට අයිති නැති දේශයක දී විජාතීන්ට නුඹලා සේවය කරන්නහු යැ’යි ඔවුන්ට කියන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


ඔවුන් නොදත්, උන් වහන්සේ ඔවුන්ට නුදුන්, අන් දෙවිදේවතාවන්ට වන්දනා නමස්කාර කළෝ ය.


“මා ඔබට තෝරාගන්නට දුන් ආශීර්වාද සහ සාප යන මේ සියල්ල ඔබ වෙත පැමිණි විට, දෙවි සමිඳාණන් වහන්සේ විසින් ඔබ පන්නාදමනු ලැබූ සියලු ජාතීන් අතර ඒවා සිහි කොට


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්