Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 29:11 - Sinhala New Revised Version 2018

11 ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔබේ කුඩා දරුවෝ ද භාර්යාවෝ ද දර පළන්නා පටන් වතුර අදින්නා දක්වා ඔබේ කඳවුරේ සිටින විදේශිකයෝ ද දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටින්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුමටද උන්වහන්සේ අද නුඹ සමඟ කරන දිවුරුමටද ඇතුල්වීමට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 29:11
16 හුවමාරු යොමු  

තවද, නා නා විධ විශාල සෙනඟක් ද ඔවුන්ට එකතු වී ගමන්ගත්හ. එළු බැටළු හා ගව පට්ටි ද සත්තු සිව්පාවෝ ද විශාල ගණනක් රංචු රංචු පිටින් ගියහ.


ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.


ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.


එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතා වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ ගවයා වත්, කොටළුවා වත්, ගවමහිෂයන් වත්, නුඹේ වාසල් දොරටු සීමා තුළ සිටින ආගන්තුකයා වත් කිසි වැඩක් නොකළ යුතු ය. එවිට නුඹට මෙන් ම නුඹේ සේවක සේවිකාවන්ට ද නිවාඩු ගත හැකි ය.


ඉශ්රායෙල් ජනයා අතර සිටි විදේශීහූ කෑම තණ්හාවට වසඟ වූ හ. ඉශ්රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන, “අපට කෑමට මස් දෙන්නේ කවුරු ද?


“අද දින ඔබේ ගෝත්‍රවල නායකයෝ ද ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද වන ඉශ්රායෙල්වරුන්ගේ මුළු පිරිමි පක්ෂය ද


ඔබ එසේ සිටින්නේ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අද ඔබ සමඟ කරන දිවුරුම් ගිවිසුමට ඔබ ඇතුළු වන පිණිස ය.


“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය.


ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.


මෙසේ ජෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හි දී සෙනඟ සමඟ ගිවිසුමක් කර, ඔවුන්ට පනතක් ද නියෝගයක් ද නියම කෙළේ ය.


ඔව්හු ජොර්දානය ළඟට පැමිණ ගස් කැපූ හ.


තවද, ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ තමන්ගේ මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද සොයන්නත්,


සමිඳාණන් වහන්සේගේ සෙනඟ වී සිටින ලෙස ජෙහෝයාදා තමා සහ මුළු සෙනඟත්, රජුත් අතරේ ගිවිසුමක් කෙළේ ය.


දේශයේ ජාතීන්ට අපේ දූවරුන් නොදෙන හැටියටත්, ඔවුන්ගේ දූවරුන් අපේ පුත්‍රයන්ට නොගන්න හැටියටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්