Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 28:53 - Sinhala New Revised Version 2018

53 “මෙසේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන්, ඔබ ජනිත කළ ඔබේ දරුදැරියන්ගේ මාංසය ඔබ කන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 “මෙසේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දුන්, ඔබ ජනිත කළ ඔබේ දරුදැරියන්ගේ මාංසය ඔබ කන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

53 නුඹේ සතුරන් විසින් නුඹ වටලා අවහිර කිරීමෙන් වන තද පීඩාවේදී නුඹේ ශරීරයේ ඵලය වන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන් පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් මාංස කන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 28:53
11 හුවමාරු යොමු  

දයාවන්ත ස්ත්‍රීහු තමන්ගේ අත්වලින් සිය දරුවන් තම්බා පිසුවෝ ය. මාගේ සෙනඟ පිට පැමිණි විනාශයේ දී ඒ දරුවෝ ඔවුන්ට ආහාර වූ හ.


සමිඳුනි, ඔබ මෙසේ කෙළේ කවරෙකුට දැ යි බලා කල්පනා කළ මැනව. ස්ත්‍රීන් තමන් කුසෙහි ඵලය වන, සුව සේ ප්‍රසූත කළ අත දරුවන් කෑ යුතු ද? පූජකයා සහ දිවැසිවරයා සමිඳුන්ගේ ශුද්ධස්ථානයේ මරනු ලැබිය යුතු ද?


එහි සිටින සෙනඟට ඔවුන්ගේ ම දරුදැරියන්ගේ මාංස කන්නට මම සලස්වන්නෙමි. ඔවුන්ගේ සතුරන් ද ඔවුන්ගේ දිවි නසන්නට සොයන්නන් ද ඔවුන්ට පීඩා කරන විට වටලනු ලැබූ ඔවුන් තම අසල්වැසියන්ගේ මාංස කනු ඇත.”


කුසගිනි වාවාගනු නොහැකි ව, නුඹලාගේ දරුදැරියන්ගේ මාංස නුඹලා කන්නහු ය.


සතුරන් ඔබේ නගර සියල්ල වටලා ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඇයට කන්න යමක් නැති ව, ඇය අලුත ලැබූ දරුවා වැදෑමහත් සමඟ ම රහසින් කන්නී ය.


අහෝ ජෙරුසලම! නුඹ තුළ පියවරු පුත්‍රයන් ද පුත්‍රයෝ තමන්ගේ පියවරුන් ද කන්නාහ; මම නුඹට දඬුවම් කොට ජෙරුසලමෙහි ඉතිරි වන සියල්ලන් දස දෙස විසුරුවා දමන්නෙමි.


ඔහු තමා කන තම දරුදැරියන්ගේ මාංසයෙන් කොටසක් කිසිවෙකුට දීමට අකමැති වන්නේ ය. ඔහු එසේ කරන්නේ සතුරන් ඔබේ නගර සියල්ල වටලා, ඔබට අවහිර කිරීමෙන් වන දරුණු පීඩාවේ දී ඔබට කන්න දෙයක් ඉතිරි නොවන බැවිනි.


ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි මවුවරුන්ට ද ඇතිවන දුකක මහත!


“ඔබේ දරුසම්පතට ද භවභෝගසම්පතට ද ගවසම්පතට හා එළු බැටළු පැටවුන්ට ද සාප ලැබෙන්නේ ය.


ඔබ අතර සිටින ශිෂ්ට සම්පන්න, විනීත ගතිපැවතුම් ඇති මිනිසා පවා, තම සොහොයුරා දෙස ද තම ප්‍රේමවන්ත බිරිඳ දෙස ද ඉතිරි ව සිටින අනෙක් දරුදැරියන් දෙස ද අකාරුණික ලෙස බැල්ම හෙළන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්