Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 27:13 - Sinhala New Revised Version 2018

13 ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඒබාල් කන්ද මත සෙනඟට සාප කරන පිණිස, රූබන් සහ ගාද් ද ආෂෙර් සහ සාබුලොන් ද දාන් සහ නප්තලී ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 ශාපකියන පිණිස රූබෙන්ද ගාද්ද ආෂෙර්ද සාබුලොන්ද දාන්ද නප්තලීද යන මොව්හු ඒබාල් කන්ද පිට සිටිත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 27:13
9 හුවමාරු යොමු  

ජොර්දාන් ගඟින් එතෙර වූ පසු මා ඔබට අණ කරන, හුණු බදාම යෙදු ඒ ගල් කණු සිටුවිය යුත්තේ ඒබාල් කන්දේ ය.


සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.


ඔබ අයිති කරගන්නට යන දේශයට දෙවි සමිඳාණන් වහන්සේ ඔබ ගෙනා කල, ගෙරිසිම් කන්ද මත ආශීර්වාදය ද ඒබාල් කන්ද මත සාපය ද ප්‍රකාශ කළ යුතු ය.


“දෙවියන් වහන්සේ මට මහඟු දායාදයක් දුන් සේක. මාගේ සැමියාට දාව මා පුතුන් සය දෙනෙකු ලැබූ බැවින් දැන් වත් ඔහු මට ගරු කරන්නේ ය”යි කියා ඈ තම පුතුට සාබුලොන් යන නාමය දුන්නා ය.


ලෙයා ගැබ්ගෙන පුතෙකු ලැබුවා ය. එවිට ඈ, “සමිඳාණන් වහන්සේ මාගේ දුක බැලූ සේක. දැන් වත් මාගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ”යි කියමින් ඈ ඔහුට රූබන් යන නම දුන්නා ය.


“ජොර්දාන් ගඟෙන් එතෙර වූ පසු, ගෙරිසීම් කන්ද මත, සෙනඟට ආශීර්වාද කරන පිණිස සිමියොන් ද ලෙවී ද ජුදා ද ඉස්සාකර් ද ජෝසෙප් සහ බෙන්ජමින් ද යන අයගේ ගෝත්‍ර සිටිය යුතු ය.


ඉන්පසු ලෙවීවරු, මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින්, හඬ නඟා මෙසේ කිව යුතු ය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්