Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 26:19 - Sinhala New Revised Version 2018

19 තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 තමන් මැවූ සියලු ජාතීන්ට වඩා කීර්තියෙන්ද නාමයෙන්ද ගෞරවයෙන්ද නුඹ උසස්කරන්ටත්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කී ලෙස නුඹ තමන්වහන්සේට ශුද්ධවූ සෙනඟක් කරගන්ටත් අද නුඹට පොරොන්දුවූසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 26:19
21 හුවමාරු යොමු  

එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.


“මා අද දින ඔබට නියම කරන අණපනත් සියල්ල පිළිපදින පිණිස ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නහු නම්, උන් වහන්සේ මිහි පිට සියලු ජාතීන්ට වඩා ඔබ උසස් කරන සේක.


මෙසේ කළ යුත්තේ, ඔබ වනාහි දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ ශුද්ධ සෙනඟක් වන බැවිනි. පොළෝ තලයෙහි සිටින සියලු සෙනඟ අතරෙන් තමන් වහන්සේට ම විශේෂ වූ සෙනඟක් මෙන් උන් වහන්සේ ඔබ තෝරාගත් සේක.


ඔව්හු ‘ශුද්ධ සෙනඟ’ කියාත්, ‘සමිඳුන්ගේ මුදාගත් ජනතාව’ කියාත් කියනු ලබන්නෝ ය. ‘දෙවිඳුන්ගේ තෝරාගත් නගරය’ කියාත් කියනු ලබන්නේ ය.


නුඹලා මට පූජක රාජ්‍යයක් ද කැප වූ ජාතියක් ද වන්නහු ය’ ”යි වදාළ සේක.


ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.


ඒ කාලය පැමිණි විට නුඹට පීඩා කළ අයට මම දඬුවම් දෙන්නෙමි. කොරගසන අය මුදා හරින්නෙමි. වහල්කමට ගෙන ගිය අය රැස් කරන්නෙමි. ඔවුන් නින්දාව ලත් හැම රටවල ඔවුන්ට ප්‍රශංසාව හා කීර්තිය ලැබෙන්නට සලස්වන්නෙමි.


මා විසින් ඔවුන්ට කරනු ලබන සියලු යහපත ගැන අසන පොළොවේ සියලු ජාතීන් අතරේ, මේ නගරය මට ප්‍රීතියක් ද ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන්නේ ය; මා ඊට කර දෙන සියලු යහපත හා සමගිය නිසා ඔව්හු බිය වී වෙවුළන්නෝ ය.”


හණ රෙද්ද ඉඟටිය වටා බැඳ ඇත්තෙකු මෙන් ඉශ්රායෙල්හි සියලු සෙනඟ ද ජුදාහි සියලු සෙනඟ ද මට බැඳී සිටින්න මම කරුණු සැලසීමි. මා එසේ කෙළේ, ඔවුන් මාගේ සෙනඟ වී, මාගේ නාමයට ප්‍රශංසාවක් ද ගෞරවයක් ද වන පිණිස ය. එහෙත්, ඔව්හු මට කීකරු නො වූ හ.”


එතුමාණන්ගේ සියලු සෙනඟ ද එතුමාණන්ට ප්‍රිය ඉශ්රායෙල් සෙනඟ ද සියලු සැදැහැවතුන් ද පැසසුමට හා මහිමයට එතුමාණෝ එසෙවූ සේක. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


මා අද දින ඔබට අණ කරන දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු වී, ඔබ ඒවා පිළිපදින්නහු නම්, සමිඳාණන් වහන්සේ ඔබ අන්තිමයන් නොකොට, ප්‍රධානීන් කරන සේක; පහත් නොකොට උසස් කරන සේක.


“ඔබ උන් වහන්සේගේ ආඥා පිළිපැද දෙවි මඟ යන්නහු නම්, දෙවි සමිඳාණන් වහන්සේ දිවුළ ප්‍රකාර ඔබ උන් වහන්සේට කැප වූ සෙනඟක් කරගන්නා සේක.


මෝසෙස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් කැටුව සෙනඟට මෙසේ කී ය: “අද දින මා ඔබට නියම කළ සියලු අණපනත් පිළිපදින්න.


එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


විසිර ගිය අය නැවත මවු බිමට ගෙනවුත් මා නුඹලාට මිහි පිට සියලු ජාතීන් අතර කීර්තියත්, ප්‍රශංසාවත් ලබා දී සෞභාග්‍යය ගෙන දෙන කාලය නුඹලා ම දෑසින් දකින්නහු ය.” මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ ය.


එබැවින් දැන් ඉතින් නුඹලා සැබැවින් ම මාගේ හඬට කීකරු වන්නහු නම්, මාගේ ගිවිසුම පිළිපදින්නහු නම්, සියලු සෙනඟ අතුරින් නුඹලා මට ම අයිති සම්පත වන්නහු ය. මන්ද, මුළු මහ පොළොව මා සතු ය.


ජුදෙව් ජනයෙනි, ඉශ්රායෙල් ජනයෙනි, කලින් නුඹලා ජාතීන් අතරේ සාපයක් ව සිටි නමුත්, ආශීර්වාදයක් වන ලෙස මම නුඹලා මුදන්නෙමි. බිය නොවන්න. ධෛර්යවත් වන්න.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්