Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 23:20 - Sinhala New Revised Version 2018

20 විදේශිකයෙකුට පොළියට යමක් ණයට දිය හැක. එහෙත්, ඔබේ සහෝදර ජනතාවට එලෙස දිය යුතු නොවේ. මේවා ඔබ පිළිපැද්දොත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබේ සියලු වැඩ කටයුතුවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආසිරි දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 විදේශිකයෙකුට පොළියට යමක් ණයට දිය හැක. එහෙත්, ඔබේ සහෝදර ජනතාවට එලෙස දිය යුතු නොවේ. මේවා ඔබ පිළිපැද්දොත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි ඔබේ සියලු වැඩ කටයුතුවල දී දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආසිරි දෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 විදේශියෙකුට පොලියට දෙන්ට නුඹට පුළුවන; නුමුත් නුඹ හිමි කරගන්ට යන දේශයෙහි නුඹ අත තබන සියල්ලේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස නුඹේ සහෝදරයාට පොලියට නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 23:20
16 හුවමාරු යොමු  

සිතේ කණගාටුවක් නැතිව, දෙන දේ ඔබ ඔහුට දිය යුතු ය; ඔබ එලෙස කරන්නහු නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබේ සියලු වැඩ කටයුතුවලදීත්, ඔබ අත තබන සියල්ලෙහිදීත් ඔබට ආශීර්වාද කරන සේක.


විදේශිකයෙකුගෙන් නම්, එය එකතු කරගත හැකි ය. එහෙත්, ඔබේ ම සහෝදරයෙකුට නම්, ණයෙන් නිදහස දිය යුතු ය.


“ඉබේ ම මැරුණ සතෙකුගේ මස් කිසිවෙකු නොකෑ යුතු ය. ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ආගන්තුකයෙකුට ඒ සතා දිය යුතු ය. නැත්නම් විදේශිකයෙකුට ඌ විකිණිය යුතු ය. ඔබ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට කැප කරන ලද සෙනඟකි. “එළු පැටියෙකු උගේ මවගේ කිරෙන් නොතැම්බිය යුතු ය.”


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.


නුඹලා සිය කැමැත්තෙන් කීකරු වන්නහු නම්, දේශයේ සාරවත්කම භුක්ති විඳින්නහු ය.


දිළිඳුන්ට දෙන්නා සමිඳුන්ට ණයට දෙයි, පසු ව සමිඳාණෝ ඔහුට වැඩි වැඩියෙනුත් දෙන සේක.


උන් වහන්සේ තම ඉසුරු බර අහස් ගබඩා විවෘත කොට, නිසි කලට කෙත්වතුවලට වැසි වස්වන සේක. ඔබ කරන වැඩකටයුතු සියල්ලට ආශීර්වාද කරන සේක. ඔබ බොහෝ ජාතීන්ට ණයට දෙන්නහු ය; ණයට ඉල්ලා නොගන්නහු ය.


“නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.


ඔහුගෙන් පොළියක් හෝ ලාභයක් හෝ නොගත යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. එවැන්නෙකුට නුඹලා සමඟ ජීවත් වීමට ඉඩ හරින්න.


මම මේ ගැන හොඳට කල්පනා කළ පසු, නායකයන්ට ද නිලධාරීන්ට ද තරවටු කර, “ඔබ එක එකා තම තමාගේ සහෝදරයාගෙන් පොළී ගන්නවා නොවේ දැ”යි ඔවුන්ගෙන් ඇසුවෙමි. මම ඔවුන්ට විරුද්ධ ව මහා සමූහයක් රැස් කරවා ඔවුන්ට කතා කොට,


ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.


සෙනඟට මෙන් පූජකයාටත්, වැඩකාරයාට මෙන් ඔහුගේ ස්වාමියාටත්, වැඩකාරිට මෙන් ඇගේ ස්වාමි දූටත් මිලයට ගන්නාට මෙන් විකුණන්නාටත්, ණය දෙන්නාට මෙන් ණය ගන්නාටත්, පොළියට දෙන්නාට මෙන් පොළියට ගන්නාටත් එසේ සිදු වන්නේ ය.


ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි;


එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්