Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 20:3 - Sinhala New Revised Version 2018

3 ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔවුන් අමතමින්, ‘ඉශ්රායෙල් ජනයෙනි, සවන් දෙන්න; අද දින ඔබේ සතුරන්ට විරුද්ධ ව ඔබ සටනට යන්නහු ය. සිත් අධෛර්ය කර නොගන්න; බිය නොවන්න, කලබල නොවන්න; සතුරන් නිසා තැති නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඉශ්‍රායෙල්වරුනි, අසන්න, නුඹලා අද නුඹලාගේ සතුරන්ට විරුද්ධව සටනට ළංවෙනවාය. නුඹලාගේ සිත් ක්ලාන්ත නොවේවා; ඔවුන් නිසා භය නොවන්න, වෙවුලමින් තැති නොගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 20:3
31 හුවමාරු යොමු  

මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.


දස දහසක් සතුරන් සිටියත් මා වට කොට, බිය සැක කිසිත් මාගේ සිතට නැත්තේ ය.


ඔබ විඳින්නට යන දේවලට බිය නොවන්න. බලන්න, ඔබ විමසන පිණිස, යක්ෂයා ඔබෙන් සමහරෙකු සිරගත කිරීමට අර අඳිමින් සිටියි. දස දවසක් ඔබ පීඩා විඳින්නහු ය. මරණය දක්වා විශ්වාසී ව සිටින්න; එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට පොරොන්දු වූ පරිදි ඔබ උදෙසා යුද්ධ කරන්නේ උන් වහන්සේ ය; එබැවින් ඔබෙන් එක් කෙනෙක් දහසක්දෙනා පන්නා දමන්නේ ය.


ඇදහිල්ල නමැති මහා ධාවනය වීර්යයෙන් දුවන්න. සදාතන ජීවනය අත් කරගන්න. ඔබ එයට කැඳවනු ලැබූයේ සාක්ෂිකාරයන් කීප දෙනෙකු ඉදිරියෙහි ඔබේ ඇදහීම නිර්භීත ලෙස සහතික කොට ප්‍රකාශ කළ විට ය.


ශරීරය නැසුවත්, ආත්මය නසන්න නුපුළුවන් අයට බිය නොවන්න. එහෙත්, ආත්මය ද ශරීරය ද නිරයෙහි විනාශ කරන්න පුළුවන් තැනැන් වහන්සේට ම බිය වන්න.


එබැවින් බිය නොවන්න; ගේ කුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේ ය.


කිසිවෙකුට නපුරට නපුර නොකරන ලෙස ද, එකිනෙකා ගැනත්, සියල්ලන් ගැනත් නිතර ම යහපත් දේ කරන ලෙස ද වගබලාගන්න.


‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.


සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.


ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.


ඒ නිසා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ඔබට මෙසේ වදාරන සේක: “තිරසර සවි ශක්ති ඇති අත්තිවාරමක් මම සියොන්හි තබන්නෙමි. එහි මම අනගි කොන් ගලක් තබන්නෙමි. එහි මේ වචන කොටා ඇත: ‘තිර ඇදහිල්ල ඇත්තෝ නොසැලෙති.’


“ඔබ ඔබේ සතුරන්ට විරුද්ධ ව සටනට ගොස්, අශ්වයන් සහ රථ ද ඔබට වඩා ගණනින් විශාල සේනාවක් ද දකින විට, ඔවුන්ට බිය නොවන්න. ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක.


ඔබ සටනට ළං වන කල පූජකවරයා සේනාව වෙත පැමිණ,


සව් බලැති දෙවි තුමාණෝ මහද දුබල කළ සේක; එතුමාණෝ මාගේ සිතෙන් දිරිය පහකළ සේක.


පරීක්ෂාකාරී ව, සන්සුන් ව, නිර්භය ව, නොකැළඹී සිටින්න ඔහුට කියන්න. රෙශීන් සහ සිරියන්වරුන්ගේත්, රෙමලියාගේ පුත්‍රයාගේත් කෝපාග්නිය දුම් නඟින ගිනිපෙනෙලි දෙකක් වැනි ය. එහි භය වන්න කිසි දෙයක් නැත.


මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය.


සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පමණක් කැරලි නොගසන්න. ඒ රට වාසීන්ට ද බිය නොවන්න. මන්ද, අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිඳාණන් වහන්සේ අප සමඟ වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත ගොස් ඇත. ඔවුන්ට බිය නොවැන්නැ”යි කීවෝ ය.


මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.


දාවිත් සාවුල්ට කතා කොට, “රජතුමෙනි, කිසිවෙකු මේ පිලිස්තියයාට බිය නොවිය යුතු යි. ඔබේ මෙහෙකරුවා වන මම ගොස් මේ පිලිස්තියයා සමඟ සටන් කරමි”යි කී ය.


ඔහුට ඇත්තේ මනුෂ්‍ය බලයකි, එහෙත්, අපට පිහිට වී, අපේ යුද්ධ කරන පිණිස අප සමඟ වැඩ සිටින්නේ, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ය”යි කීවේ ය. සෙනඟ ජුදාහි රජ වන හෙසකියාගේ වචනය විශ්වාස කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්