Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 2:13 - Sinhala New Revised Version 2018

13 “උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දැන් නැගිට ශෙරෙද් ඔයෙන් එතරවෙන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 2:13
5 හුවමාරු යොමු  

එතැනින් ද නික්ම ශෙරෙද් නම් මිටියාවතේ කඳවුරු බැඳගත්හ.


ඉන්පසු ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත්, එහි දී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන, එය හරස් ලීයක එල්ලා, දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔව්හු දෙළුම් සහ අත්තික්කා ද ගෙනාවෝ ය.


සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.


කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.


එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්