Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 16:10 - Sinhala New Revised Version 2018

10 ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එවිට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන හැටියට නුඹේ අතින් සිය කැමැත්තෙන් දෙන්නාවූ පූජා පඬුරකින් සති මංගල්‍යය නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 16:10
22 හුවමාරු යොමු  

සෑම සතියක ම පළමු වන දා ඔබෙන් එකිනෙකා උපයා ගත් මුදලින් කොටසක් ඉතිරි කරගෙන තමා ළඟ වෙන් කර තබාගනී වා. එවිට මා ආ කල සම්මාදමක් කිරීමට උවමනා නැත.


මේ ගැන මාගේ අදහස මම ඔබට කියමි. ඔබ අවුරුද්දකට පෙර ආධාර දීමට කැමැති වී, එය ක්‍රියාවේ යෙදවීමට පුරෝගාමී වූවහු ය.


සමහර විට එතුමාණන් සිය සිත වෙනස් කරගෙන කමා වී අපට ආශීර්වාද කිරීම නිසා, ආහාර පූජා ද පානීය පූජා ද ඔබේ දෙවි සමිඳුන්ට ඔප්පු කරන්නට හැකි වනු ඇද්දැ යි කවරෙක් දනිත් ද?


සමිඳුන්ගේ ආසිරි සෞභාග්‍යය සලසයි; දැඩි ශ්‍රමයෙන් එය වැඩි කළ නොහැක.


සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ.


තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, මිනිසුන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න.


එහෙත්, යමෙකුට ඒවා මිල දී ගැනීමට කිට්ටු නෑයෙකු නැති වුවත්, ඒ තැනැත්තා පසුව ධනවත් ව මිල දී ගැනීමට සෑහෙන වත්කමක් ලබන්නට පුළුවන.


තවද, ඈට බැටළුවෙකු ගෙනෙන්නට වත්කමක් නැති නම්, කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් දවන යාග පූජාව සඳහා ය, අනෙකා පාප පූජාව සඳහා ය. පූජකවරයා ඈ උදෙසා මෙලෙස පවිත්‍ර වීමේ පිළිවෙත ඉටු කළ විට ඈ පවිත්‍ර වනු ඇත.”


“එළු පැටවියක හෝ බැටළු පැටවියක හෝ ගෙනෙන්නට ඔහුට වත්කම නැත්නම්, ඔහු තමා කළ පාපයට වන්දි ගෙවීමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු හෝ ගෙනා යුතු ය. එකෙක් පාප පූජාවක් වශයෙනි, අනිකා දවන යාග පූජාවක් වශයෙනි.


දීමට උද්‍යෝගිමත් බවක් ඇති නම් දෙවියන් වහන්සේ, යමෙකුගෙන් නැති දේ නොඉල්ලා, යමෙකුට ඇති පමණින් දෙන දීමනාව පිළිගන්නා සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් සෑදීමට අණ කළ නන්වැදෑරුම් සේවාවන් සඳහා බඩු දීමට එකඟ වූ ඉශ්රායෙල් ජනයා අතර සිටි සෑම ස්ත්‍රියක් හා පුරුෂයෙක් ම සිය කැමැත්තෙන් ම සමිඳාණන් වහන්සේ වෙත තම පඬුරු ගෙනාහ.


“සති හතක් ගණන් කරගන්න. ධාන්‍ය නෙළීමට දෑකැත්ත යොදන දින පටන් ඒ සති හත ගණන් කරන්න පටන්ගන්න.


මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.


“නුඹලා පිළිගැන්වීමේ පිළිවෙතින් පළමුවෙන් කපාගත් ගොයම් මිටිය පඬුරු ලෙස පුද කළ සබත් දිනට පසු දින පටන් සම්පූර්ණ සබත් දින හතක් ගණන් කළ යුතු ය.


“සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.


“එහෙත්, මේ ආකාරයෙන් ඔබට මේවා ඔප්පු කිරීමට පොහොසත් වූ මමත්, මාගේ සෙනඟත් කවුරු ද? මන්ද, සියල්ල ම පැමිණෙන්නේ ඔබෙන් ය. ඔබේ ම දෙයින් අපි ඔබට දුනිමු.


නැගෙනහිර දොරටු පාලකයා වූ, ලෙවීයෙකු වූ ඉම්නාගේ පුත් කෝරේ සමිඳාණන් වහන්සේගේ පඬුරුත්, අතිශුද්ධ දේත් බෙදා දෙන පිණිස සිය කැමැත්තෙන් ම දෙවියන් වහන්සේට ඔප්පු කළ දේවල් බාර ව සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්