Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 14:1 - Sinhala New Revised Version 2018

1 “ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “ඔබ දෙවි සමිඳාණන් වහන්සේගේ දරුවෝ ය. මළවුන් නිසා ඔබ ශරීරය කපා නොගත යුතු ය. ඔබේ නළලට ඉහළින් කෙස් රොද කපා නොගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් නුඹලාගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 14:1
29 හුවමාරු යොමු  

ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.


ඉන් අදහස් කරනුයේ, ස්වාභාවික ලෙස උපන් දරුවන් දෙවියන් වහන්සේගේ දරුවන් නොවන බවත්, ආබ්‍රහම්ගේ පෙළපත වශයෙන් ගණන් ගැනෙන්නේ පොරොන්දුව අනුව උපන් දරුවන් බවත් ය.


“කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය.


ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”


මන්ද, බොහෝ පුත්‍රයන් තේජසට ගෙන යන කල, ඔවුන්ගේ විමුක්තිදායකයාණන් වහන්සේ දුක් විඳීමෙන් පරිපූර්ණ කිරීමට, සියල්ල මවා ආරක්ෂා කරන දෙවියන් වහන්සේට යුතු ව තිබිණි.


අප දෙවියන් වහන්සේගේ දරුවන් බවට ශුද්ධාත්මයාණෝ ම අප ආත්මය හා එක් ව සාක්ෂි දරති.


එසේ වුව ද උන් වහන්සේ පිළිගත් සියල්ලන්ට එනම්, උන් වහන්සේගේ නාමය අදහාගත් අයට, දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත ලැබීමේ වරම උන් වහන්සේ දෙවා වදාළ සේක.


“එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුදේ වැලි මෙන් ගිණිය නොහැකි, මැනිය නොහැකි තරම් විශාල සංබ්‍යාවක් වන්නෝ ය. ‘නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය’යි කියනු ලැබූ ස්ථානයේ දී ම, ‘නුඹලා ජීවමාන දෙවියන් වහන්සේගේ දරුවෝ ය’යි කියනු ලබන දවස පැමිණෙන්නේ ය.


ෂෙකෙම්හි ද ෂිලෝහි ද සමාරියේ ද සිටි මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාගෙන, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පුද කරන පිණිස ආහාර පූජා ද ගන්ධරස ද රැගෙන ආහ.


මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත.


දෙවියන් වහන්සේගේ දරුවන් ද යක්ෂයාගේ දරුවන් ද හඳුනාගත හැක්කේ මෙසේ ය: යුතු දේ නොකරන, තම සහෝදරයාට ප්‍රේම නොකරන, කිසිවෙක් දෙවියන් වහන්සේගේ දරුවෝ නොවෙති.


ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ජාතිය උදෙසා පමණක් නොව, දෙවියන් වහන්සේගේ විසිරී ගිය දරුවන් එක්රැස් කරන පිණිස ද, දිවි පිදිය යුතු බවට ඔහු පැවසූ දිවැසි කීමකි.


“ඉශ්රායෙලය, නුඹ මාගේ දරුවා වශයෙන් පිළිගෙන, ලොවේ ඇති ඉතා ම අලංකාර, ප්‍රියංකර දේශය නුඹට උරුම කොට දෙන්නෙමි. නුඹ මට ‘පියාණෙනි’යි අමතමින් මා වෙතින් ඉවත් ව නොයනු ඇතැ යි මම සිතුවෙමි.


ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.


මිනිස්-දූවරුන් සුරූපී බව දුටු දිව්‍ය-පුත්‍රයෝ, තම තමන් රිසි වූවන් සරණ පාවාගත්හ.


දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු.


සහෝදරවරුනි, මතු බලාපොරොත්තුවක් නැති සෙසු අය මෙන් ඔබ ශෝක නොවන පිණිස, මියගියවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ.


“ගාසාහි ජනයා පිට මහා පීඩනයක් පැමිණ ඇත. අෂ්කෙලෝන්හි සෙනඟ විපතට පත් වී සිටිති. පිලිස්තියේ ඉතිරි සෙනඟ තව කොපමණ කල් තමන්ගේ ශරීර කපා කොටාගන්නෝ ද?


ඔව්හු ඉශ්රායෙල්වරු ය, දේව පුත්‍රකමට පිළිගනු ලැබීම හා මහිමය ඔවුන්ගේ ය. ගිවිසුම් හා ව්‍යවස්ථාව ද දේව සේවය හා පොරොන්දු ද ඔවුන් සතු ය.


එසේ කරන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ හඬට සවන් දී, මා ඔබට අද නියම කරන උන් වහන්සේගේ ආඥා සියල්ල ආරක්ෂා කොට, උන් වහන්සේ අබිමුව දැහැමි දේ කළහොත් පමණක් ය.”


ඔව්හු මහත් හඬින් මොරගසා තමන්ගේ සිරිත අනුව ලේ ඇඟේ ගලා යන තුරු පිහිවලිනුත්, හෙල්ලවලිනුත් තමන්ගේ ශරීර කපාගත්හ.


අහෝ, මෝඩ අනුවණ ජනයෙනි! සමිඳුන්ට සලකන්නේ මෙලෙස ද? නුඹලා මවා, උපදවා ජාතියක් සේ පිහිටෙව් පියාණෝ, එතුමණෝ නොවෙත් ද?


ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.


ඔවුන් අඬමින් ද කන්නලව් කරමින් ද ගිය නමුත්, මම ඔවුන් සනසමින් ආපසු ගෙනෙන්නෙමි. දිය ඔයවල් අසලින්, නොපැකිළෙන, ඇද නැති මාවත් ඔස්සේ ඔවුන් ගෙන යන්නෙමි. මම ඉශ්රායෙල්වරුන්ගේ පියා වෙමි; එප්‍රායිම් මාගේ කුළුඳුල් පුත්‍රයා වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්