Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:46 - Sinhala New Revised Version 2018

46 මෙලෙස ඔබ සිතූ හැටියට ම බොහෝ කාලයක් කාදෙෂ්හි වාසය කළහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

46 මෙලෙස ඔබ සිතූ හැටියට ම බොහෝ කාලයක් කාදෙෂ්හි වාසය කළහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

46 මෙසේ නුඹලා කාදෙෂ්හි නැවතුණු දවස් ලෙස බොහෝ දවස් එහි වාසය කළහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:46
8 හුවමාරු යොමු  

දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානානිවරු පදිංචි ව සිටිති. එබැවින් හෙට, ආපසු හැරී රතු මුහුදට යන මාර්ගයෙන් පාළුකරයට යන්නැ”යි වදාළ සේක.


නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.


පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.


මුළු ඉශ්රායෙල් ජනතාව කාදෙෂ් නම් ස්ථානයෙන් පිටත් ව හෝර් නම් කන්දට පැමිණියහ.


කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.


ඔවුන් මට මොරගැසූ කල මම නුඹලාටත්, මිසරවරුන්ටත් අතරේ අන්ධකාරයක් ඇති කර මුහුද ඔවුන් පිටට පමුණුවා ඔවුන් මුහුදුබත් කෙළෙමි. මා මිසරයේ දී කළ දේ නුඹලාගේ ඇස්වලින් ම නුඹලා දුටුවහු ය. නුඹලා කාන්තාරයේ බොහෝ කාලයක් වාසය කළහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්