Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:36 - Sinhala New Revised Version 2018

36 එහෙත්, ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් ඊට ඇතුළු වන්නේ ය; ස්වාමීන් වන මට ඔහු සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඒ රටේ පස් පෑගූ ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් මම එය දෙන්නෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 එහෙත්, ජෙපුන්නේගේ පුත් කාලෙබ් පමණක් ඊට ඇතුළු වන්නේ ය; ස්වාමීන් වන මට ඔහු සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඒ රටේ පස් පෑගූ ඔහුටත්, ඔහුගේ දරුවන්ටත් මම එය දෙන්නෙමි’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 කාලෙබ් වනාහි ඒක දකින්නේය; ඔහු සම්පූර්ණ ලෙස ස්වාමීන්වහන්සේ අනුව ගිය බැවින් ඔහු පය ගැසූ දේශය ඔහුටත් ඔහුගේ දරුවන්ටත් දෙන්නෙමියි කියා දිවුළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:36
10 හුවමාරු යොමු  

ම සිතෙහි ඔබ කෙරෙහි තද ඇල්මක් ඇත; ඔබ දකුණතින් මා උසුලන සේක.


එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, “අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.


ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ් ය.


එහෙත් මාගේ සේවක කාලෙබ්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හෙයිනුත්, ඔහු මට සම්පූර්ණයෙන් ම පක්ෂපාත ව සිටි හෙයිනුත්, ඔහු ඇතුළු වූ රටට මම ඔහු පමුණුවන්නෙමි. ඔහුගේ පෙළපත ද එය හිමි කරගනු ඇත.’


ඔවුන් පාළුකරයේ ම මියයන බව සමිඳාණන් වහන්සේ කියා තිබිණි. මෙලෙස ජෙපුන්නේගේ පුත් කාලෙබ් ද, නූන්ගේ පුත් ජෝෂුවා ද හැර ඔවුන්ගෙන් කිසිවෙක් ඔවුන් අතර ඉතුරු නො වූ හ.


එහෙත්, කෙනෙස්සි ජාතික ජෙපුන්නේගේ පුත් කාලෙබ් සහ නූන්ගේ පුත් ජෝෂුවා මට සම්පූර්ණයෙන් අවනත වූ බැවින් ඔවුන් පමණක් ඒ දේශය දකිනු ඇත’ කියා දිවුළ සේක.


මොවුහු නම්, ජුදා ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ්;


දේව හඬ අසා, ඉන්පසු කැරලි ගැසුවෝ කවරහු ද? ඔව්හු මෝසෙස්ගේ මඟපෙන්වීම ඇති ව මිසරයෙන් නික්ම ආ සියල්ලෝ නොවෙත් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්