Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 1:32 - Sinhala New Revised Version 2018

32 එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 එහෙත් මා කී දේ ගණන් නොගෙන, ඔබ, දෙවි සමිඳාණන් වහන්සේ විශ්වාස නොකළහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 එහෙත් නුඹලා යා යුතු මාර්ගය රාත්‍රියෙහි ගින්නෙන්ද දවාලේ වලාකුළෙන්ද නුඹලාට පෙන්වමින්, නුඹලාට කූඩාරම් ගසාගන්ට ස්ථානයක් සොයාදෙන පිණිස මාර්ගයෙහි නුඹලාට පෙරටුව ගියාවූ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:32
9 හුවමාරු යොමු  

ඔව්හු පසු දා අලුයම නැඟිට තෙකෝවා පාළුකරයට පිටත් ව ගියෝ ය. ඔවුන් පිටත් වෙද්දී ජෙහෝෂාපාට් නැඟිට කතා කොට, “ජුදාවරුනි, ජෙරුසලමේ වැසියෙනි, මාගේ වචන අසන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ සුරක්ෂිත වන්නහු ය. උන් වහන්සේගේ දිවැසිවරුන් විශ්වාස කරන්න. එවිට ඔබ ජයග්‍රාහී වන්නහු ය”යි කීවේ ය.


එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමාණන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය.


එසේ වූයේ, ඔවුන් දෙවිඳුන් විශ්වාස නොකළ බැවිනි; එතුමාණන්ගේ විමුක්තිදායක බලය කෙරෙහි ඔවුන් විශ්වාසය නොතැබූ බැවිනි.


ඉශ්රායෙල් සමාරිය නම් නගරයට වඩා බලවත් නොවේ; සමාරිය පෙකා රජුට වඩා බලවත් නොවේ. නුඹේ විශ්වාසය ස්ථිර නොවේ නම්, නුඹේ පැවැත්ම ස්ථිර වන්නේ නැත.”


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “මේ සෙනඟ කොපමණ කල් මා හෙළා දකින්නෝ ද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගතවේ ද?


එබැවින් සහෝදරයෙනි, ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙන් වෙන්වීමට හේතු වන, ඇදහිල්ලක් නැති නපුරු සිතක් ඇති කිසිවෙකු, ඔබ අතර නොසිටින හැටියට බලාගන්න.


මන්ද, ඔවුන්ට මෙන් අපටත් සුබ අස්න දේශනා කරන ලදී. එහෙත් ඔවුන් ඇසූ දේ ඇදහිල්ලෙන් නොපිළිගත් බැවින්, ඇසූ වචනයෙන් ඔවුන්ට වැඩක් නො වී ය.


සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්