Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 2:16 - Sinhala New Revised Version 2018

16 සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 සෙනඟ එක්රැස් කරන්න; ශුද්ධ සභාවට ඔවුන් සූදානම් කරන්න. ප්‍රජා මූලිකයන් එකතු කරන්න; ළමයින් ද කිරි දරුවන් ද ගෙන එන්න; මනාලයා තම යහන් ගබඩාවෙන් ද මනාලිය තම නිදන කුටියෙන් ද පිටත එත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 සෙනඟ රැස්කර, ශුද්ධවූ සභාවක් පවත්වන්න, මහල්ලන් එකතුකර, ළමයින්ද කිරිදරුවන්ද එක්කාසුකරන්න. මනමාලයා තමාගේ ගෙයින්ද මනමාලී ඇගේ ඇතුල් ගෙයින්ද පිටතට එත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 2:16
21 හුවමාරු යොමු  

ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ලෙවීවරුනි, මට සවන් දෙන්න; ඔබ දැන් පවිත්‍ර වී, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවත් පවිත්‍ර කොට, ශුද්ධස්ථානයෙන් අපවිත්‍රකම පහකරන්න.


ජුදා දේශයේ පිරිමි සියල්ලෝ ම තමන්ගේ අත දරුවන් ද භාර්යාවන් ද දරුවන් ද සමඟ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සිටියෝ ය.


යාච්ඤාවේ යෙදෙන පිණිස ස්ත්‍රී-පුරුෂ දෙදෙනාගේ ම කැමැත්තෙන් කලකට වෙන් වී සිටිනවා මිස, නැත්නම් වෙන් වී නොසිටිය යුතු ය. එසේ වුව ද ඔබගේ ආත්ම දමනය හීන වීමෙන්, සාතන්ගේ පෙළඹීම්වලට අසු නොවන පිණිස නැවත එක් වෙත් වා.


උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.


සමිඳාණන් වහන්සේ වන මා සමීපයට එන පූජකවරුන් ද පවිත්‍ර වීමේ වත්පිළිවෙත් ඉටු කළ යුතු ය. නැත්නම් මම ඔවුන්ට පහර දෙමි”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “සෙනඟ වෙත ගොස් අදත්, හෙටත් නමස්කාරය පිණිස ඔවුන් සූදානම් කරන්න. ඔවුන් තම වස්ත්‍ර සෝදා,


ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට මෙසේ වදාළ සේක: “මනාලයා තමන් සමඟ සිටිය දී ඔහුගේ ඥාතිමිත්‍රාදීන්ට ශෝක විය හැකි ද? නොහැකි ය. එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවසක් පැමිණේ. ඔවුන් ඒ දවසේ දී උපවාස කරනු ඇත.


මඟුල් පෝරුවකින් බැස එන මනාලයෙකු ලෙසින්, ප්‍රීතියෙන් තරඟයට අරඅඳින වීර ධාවකයෙකු විලසින්,


මංගල භෝජන සංග්‍රහ වටය නිම වූ එක එක වාරයේ දී ජෝබ් තම පුත්‍රයන් වෙත පණිවුඩ යවා ඔවුන් ගෙන්වා, ඔවුන්ගේ පවිත්‍රවීම පිණිස පසු දා අලුයම නැඟිට ඔවුන් එකිනෙකා වෙනුවෙන් දවන යාග පූජා පුද කෙළේ ය. එසේ කෙළේ, යම් හෙයකින් ඔවුන් තමන් සිතින් පව් කොට, නොදැනුවත් ව දේවාපහාස කිරීමේ වරදට වැටෙන්නට ඇද්දැ යි ජෝබ් සිතූ බැවිනි. හැම වාරයෙහි ම ඔහු මෙසේ කෙළේ ය.


පාස්කු බැටළු පැටවුන් මරන්න. ඔබ පවිත්‍ර වී, මෝසෙස් මඟින් ලත් සමිඳාණන් වහන්සේගේ වචනයේ හැටියට කිරීමට ඔබේ සහෝදරයන් උදෙසා උන් සූදානම් කරන්නැ”යි කීවේ ය.


“ශුද්ධස්ථානයේ පවිත්‍ර කිරීම ලෙස පිරිසිදු නොවූ නමුත්, තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන දෙවියන් වහන්සේ සොයන්න තමන්ගේ සිත් යොමු කරගෙන සිටින සියල්ලන්ට කරුණාවන්ත සමිඳාණන් වහන්සේ කමා වන සේක්වා”යි කීවේ ය.


මන්ද, පවිත්‍ර නො වූ බොහෝ දෙනෙක් සභාවෙහි සිටියෝ ය. ඒ නිසා සමිඳාණන් වහන්සේට ඔප්පු කරන පිණිස පිරිසිදු නො වූ සියල්ලන් උදෙසා පාස්කු බැටළු පැටවුන් මැරීම ලෙවීවරුන්ට බාර විය.


නුඹ නැඟිට සෙනඟ පවිත්‍ර කරන්න; ඔවුන්ට කතා කොට, ‘ඔබ හෙට පවිත්‍ර වන්න. මන්ද, ඉශ්රායෙල්වරුනි, ඔබ අතරේ කැප කරන ලද දෙයක් ඇත; කැප කරන ලද ඒ දේ ඔබ අතරෙන් පහකරන තුරු ඔබේ සතුරන්ට මූණ දෙන්නට ඔබට නොහැකි වන්නේ යයි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


ඔහු සෙනඟට කතා කරමින්, “තුන් වන දවසට සූදානම් වී සිටින්න; ස්ත්‍රී සේවනයෙන් වළකින්නැ”යි කීවේ ය.


“මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.


ජෝෂුවා, ස්ත්‍රීන් ද බාලයන් ද ඔවුන් අතරේ හැසුරුණ විදේශීන් ද ඇතුළු වූ ඉශ්රායෙල් සභාව ඉදිරියෙහි මෝසෙස් අණ කළ සියල්ලෙන් නොකියවූ එක ද වචනයක් වත් නො වී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්