Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ජොයෙල් 2:15 - Sinhala New Revised Version 2018

15 සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සියොන් කන්දේ හොරණෑව පිඹින්න; උපවාසයක් පණවා, අයැදුමට සෙනඟ රැස් කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සියොන්හි හොරණෑව පිඹ, ශුද්ධවූ උපවාසයක්ද රැස්වීමක්ද ප්‍රසිද්ධකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ජොයෙල් 2:15
8 හුවමාරු යොමු  

උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.


“සියොන්හි හොරණෑව පිඹින්න; දෙවිඳුන්ගේ ශුද්ධ කන්දේ අනතුරු හඬ නඟන්න. දේශයේ සියලු වැසියෝ වෙවුලත් වා! මන්ද, සමිඳාණන් වහන්සේගේ දවස පැමිණේ. එසේ ය, එය ආසන්න ය.


ඔව්හු උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරිපිට මුල් තැනක සිටෙව්වෝ‍ ය.


ඒවා පිඹින කල මුළු ඉශ්රායෙල් ජනතාව ම සම්මුඛ මණ්ඩපයේ දොරකඩ නුඹ වෙතට රැස්විය යුතු ය.


තවද, ජොෂියාගේ පුත් ජුදාහි රජු වූ ජෙහෝයාකිම්ගේ පස් වන අවුරුද්දේ නව වන මාසයේ දී ජෙරුසලමේ මුළු සෙනඟ ද ජුදාහි නගරවලින් ජෙරුසලමට ආ මුළු සෙනඟ ද සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි උපවාසයක් පැවැත්වූ හ.


තවද, ජේහු, “බාල් උදෙසා පවත්වන නමස්කාරයට සියලු දෙන රැස්වීම පිණිස නියම කරන්නැ”යි කී ය. ඔව්හු එසේ ප්‍රසිද්ධ කළහ.


ඈ ලියුම්වල මෙසේ ලීවා ය: “ඔබ හැම උපවාසයක් ප්‍රකාශ කොට, නාබොත් සෙනඟ ඉදිරියෙහි මුල් තැන සිටුවා ඔහු ඉදිරිපිට අධමයන් දෙදෙනෙකු සිටුවන්න.


ඔය නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජා මට ඉවසිය නොහැකි ය. අමාවක් උත්සව ද සබත් දවස් ද ආගමික රැස්වීම් ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්