Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 5:21 - Sinhala New Revised Version 2018

21 බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 දිව නමැති කසයෙන් නුඹ සඟවනු ලබන්නෙහිය; විනාශය එන කල භයනොවී සිටින්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 5:21
11 හුවමාරු යොමු  

එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක.


මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.


සමිඳුන් හට ප්‍රශංසා වේ වා! මන්ද, එතුමාණෝ බලකොටු නුවරක දී එතරම් පුදුම ලෙස මට කරුණාව දැක්වූ සේක.


බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.


මිනිසුන් කන සිංහයන් වැනි රුපුන් මැද මම වැතිර සිටින්නෙමි. උන්ගේ දත් හෙල්ල හා ඊගස් වැන්න; උන්ගේ දිව් මුවහත් අසිපත් වැන්න.


කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.


හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.


නුඹට විරුද්ධ ව සාදන කිසි ම ආයුධයකින් වැඩක් නොවේ. නුඹට විරුද්ධ ව නඟන සියලු චෝදනා නුඹ නිෂ්ප්‍රභා කරන්නෙහි ය. මාගේ මෙහෙකරුවන්ගේ උරුමය මෙය වන්නේ ය. මම ඔවුන්ට ජය අත්කර දෙමි.”


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්