Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 42:10 - Sinhala New Revised Version 2018

10 ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ජෝබ් සිය මිතුරන් උදෙසා යාච්ඤා කළ විට සමිඳාණන් වහන්සේ ඔහුගේ පෙර පැවති යස ඉසුරු දෙගුණ කොට යළි දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 තවද යෝබ් තමාගේ මිත්‍රයන් උදෙසා යාච්ඤාකළ විට ස්වාමීන්වහන්සේ ඔහුගේ වහල්කම පහකොට, පෙර තිබුණු සියල්ලට වඩා දෙගුණයක් වැඩිකොට ඔහුට දුන්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 42:10
34 හුවමාරු යොමු  

උන් වහන්සේ ඔබට අනුකම්පාව දක්වා ඔබේ වහල්කම පහකොට, උන් වහන්සේ පැමිණ, විසුරුවනු ලැබූ සියලු ජාතීන් අතරෙන් ඔබ හැම එක්රැස් කරගන්නා සේක.


“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”


නුඹලාගේ ලජ්ජාව වෙනුවට නුඹලා දෙගුණයක් ගෞරවය ලබන්නහු ය. නින්දාව වෙනුවට ලැබී ඇති කොටස ගැන ප්‍රීති වන්නහු ය. නුඹලාගේ දේශයෙහි නුඹලා දෙපංගුවක් භුක්ති විඳින්නහු ය. නුඹලාට සදා ප්‍රීතිය හිමි වන්නේ ය.


යටහත්කම ද සමිඳුන් කෙරේ ගරුබිය ද ඇති තැන, සම්පත, ගෞරවය හා දිගායු ඇත.


සියොන් කන්දෙන් විමුක්තිය පැමිණියොත් කෙතරම් හොඳ ද? හිමිතුමාණන් සිය සෙනඟට සැප සම්පත දුන් විට, ජාකොබ් පෙළපතට කොපමණ ප්‍රීතියක් ද? ඉශ්රායෙල් සෙනඟට කොපමණ සතුටක් ද?


සමිඳාණන් වහන්සේ අප මුදා සියොනට ගෙනා කල, අපට එය සිහිනයක් මෙන් විය.


මේ සියල්ල මාගේ අතින් නොසාදන ලද දැ යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.


සත්දහසක් බැටළුවෝ ද තුන්දහසක් ඔටුවෝ ද එක්දහසක් ගවමහිෂයෝ ද පන්සියයක් කොටළු දෙන්නු ද ඔහුට වූ හ. ඔහුට දැසිදැස්හු ද විශාල සංබ්‍යාවක් සිටියෝ ය. මේ සා මහත් ධන සම්භාරයක් ඇති අන් කිසිවෙක් මුළු පූර්ව දිශා භාගයෙහි නො වී ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ කියන සේක. මම දේව මාලිගාව තේජසින් පුරවන්නෙමි. රිදී මාගේ ය; රන් ද මාගේ ය.


සමිඳාණන් වහන්සේ ආරොන් ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධ ව ඉතා උදහස් ව සිටි සේක. මම ඒ අවස්ථාවේ දී ඔහු උදෙසාත් යාච්ඤා කෙළෙමි.


මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, “මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය.


“සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි.


ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.


අමශියා ද, “එසේ නම්, මා ඉශ්රායෙල් සේනාවට දුන් රිදී කිලෝග්‍රෑම් තුන්දහස් හාරසියය ගැන අපි කුමක් කරමු දැ”යි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගෙන් ඇසුවේ ය. දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා උත්තර දෙමින්, “ඊටත් වඩා ඔබට දෙන්න සමිඳාණන් වහන්සේට පුළුවනැ”යි කී ය.


එවිට ධනවතා, ‘එසේ නම් පිය තුමෙ‍නි, මාගේ සහෝදරයෝ පස් දෙනෙක් සිටිති;


සමිඳාණෝ දිළිඳුකම ද පොහොසත්කම ද ඇති කරන සේක; පහත්කම ද උසස්කම ද ගෙන දෙන සේක.


ඔබට ධන සම්පත උපයාගැනීමට බල පුළුවන්කම දෙනුයේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ බව ඔබ සිහිපත් කළ යුතු ය. උන් වහන්සේ එසේ කරන්නේ, අද පවතින පරිදි උන් වහන්සේ ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් ගිවිසුම ඉටු කරන පිණිස ය.


ආබ්‍රහම් ද දෙවියන් වහන්සේට යාච්ඤා කෙළේ ය. උන් වහන්සේ ද අබිමෙලෙක් සුවපත් කළ සේක; ඔහුගේ භාර්යාවට හා දාසීන්ට දරුසම්පත් ලැබෙන සේ ඔවුන් සුවපත් කළ සේක.


එහෙත්, මුළු ජනතාව ගල් ගසා ඔවුන් මැරීමට ලකලෑස්ති වූ හ. එවිට මුළු ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය.


සියොන් කන්දෙන් ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය පැමිණියොත් කොතරම් යහපත් ද? දෙවිඳුන් සිය සෙනඟට සැප සම්පත් සලසා දුන් විට, ජාකොබ්ගේ සෙනඟ ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඉශ්රායෙල් ජනතාව ප්‍රීති සන්තෝෂ වන්නෝ ය.


ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක.


අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමාසන උරුම කර දෙන පිණිසත්, එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළින්දා කසළ ගොඩින් ඔසවන සේක. පොළොවේ පදනම් සමිඳාණන්ගේ ය; එතුමාණෝ ඒවා පිට ලොව පිහිටෙවු සේක.


ඔහුට පුත්‍රයෝ සත්දෙනෙක් ද දූවරු තුන්දෙනෙක් ද වූ හ.


තේමානීය එලිපස් ද ෂුහිය බිල්දද් ද නයමාතීය ශෝපර් ද ගොස්, සමිඳාණන් වහන්සේ අණ කළ ලෙස කළහ. සමිඳාණන් වහන්සේ ජෝබ්ගේ ආයාචනය පිළිගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්