Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 41:32 - Sinhala New Revised Version 2018

32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 ඌ යන මඟ ඌ පසුපස පැහැදිලි ව දිළිසෙයි. ඌ මුහුද සුදු පෙණ ගොඩකට හරවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 ඌ යන කල පස්සෙන් පාර දිලියෙන්නේය; ගැඹුරට පැසුණු හිසකේ ඇතිවූවාක්මෙන් පෙනීයයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 41:32
12 හුවමාරු යොමු  

යෞවනයන්ගේ අලංකාරය ඔවුන්ගේ කාය ශක්තිය වේ; වෘද්ධයන්ගේ ගෞරවය ඔවුන්ගේ පැසුණු හිස වේ.


පැසුණු හිස තෙද කිරුළකි, එය ලැබෙන්නේ දැහැමි ජීවිතයකිනි.


හිම කැට හා අහසේ තුෂාර තම කුසින් ජනිත කරවන මාතාව කවරෙක් ද?


නුඹ මුහුදේ උල්පත්වලට ළං වූයෙහි ද? මුහුදු පත්ලේ යා ගත නොහැකි පෙදෙස්වල ඇවිද්දෙහි ද?


‘එය මා තුළ නැතැ’යි ගැඹුරු මහ සයුර කියයි; ‘එය මා වෙත නොවේ ය’යි මහ මුහුද පවසයි.


ජාකොබ් එවිට පිළිතුරු දෙමින්, “නුඹලා සමඟ මාගේ පුත්‍රයා නම් නොයනු ඇත, ඒ මන්ද, ඔහුගේ සහෝදරයා මළ පසු, ඉතිරි වී ඇත්තේ ඔහු පමණ යි. නුඹලා යන අතරමඟ දී ඔහුට අනතුරක් සිදු වුණොත් වයස් ගත මට දුක් පමුණුවා, නුඹලා මා මරාදමන්නහු ය”යි කීවේ ය.


මෙසේ ඔහු දිගායු වළඳා පූර්ණ මහලු වයසේ දී අවසන් හුස්ම හෙළා මරණයට පත් වූ පසු පවුලේ සුසාන භූමියේ තැන්පත් කරන ලදී.


නුඹ යහතින් දවස් යවා, ඉන්පසු දිගායු සම්පත් වළඳා භූමදාන කරනු ලබන්නෙහි ය.


“පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය.


පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය.


ඌ මුහුදු දිය කල්දේරමක වතුර මෙන් නටන්නට සලස්වයි. එය බුබුළු දම දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි.


ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්