Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 4:20 - Sinhala New Revised Version 2018

20 උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති; කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 උදය සිට සවස වන තුරු ඔව්හු වැනසී යති; කිසිවෙකුගෙන් සැලකිලි නොලැබ ඔව්හු සදහට ම වැනසී යති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 උදය පටන් සවස දක්වා ඔව්හු පොඩිවී යති, ඔව්හු සදාකාලයටම නැතිවී යති, කිසිවෙක් එය නොසලකයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 4:20
14 හුවමාරු යොමු  

කුණු කසළ මෙන් ඔහු සදහට ම නැති වී යයි. ඔහු දැන සිටි අය, ‘දැන් ඔහු කොහේ දැ’යි ප්‍රශ්න කරති.


දැහැමි දනා සැමරීම වාසනාවකි; එහෙත් දුදනන්ගේ නාමය පිළිකුලකි.


දුදනන් වල් පැළෑටි මෙන් වැඩෙන නමුත්, නපුරුකම් කරන සියල්ලන් සශ්‍රීක වන නමුත්, එතුමාණෝ සදහට ම ඔවුන් වනසන සේක.


මා මෙලොවින් චුත වී, නැති වී යන්නට පෙර, මඳ කලකට ප්‍රීති වන පිණිස මට ඉඩ සැලසුව මැනව.


එහෙත්, කලකට පසු මම ඔහු වෙත ගියෙමි; ඔහු සිටියේ නැත. ඔහු සෙවීමි; එහෙත්, සම්බ වූයේ නැත.


මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත.


ආපසු ඊමක් නැති අවසන් ගමනෙහි මම යමි. මට ඉතිරි ව ඇත්තේ තව අවුරුදු ස්වල්පයකි.


ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක. ඔහු අතුරුදහන් වී යයි; ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක.


මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි.


ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය.


ඔහු තිස්දෑවුරුදු වයසේ දී රජ වී අට අවුරුද්දක් ජෙරුසලමෙහි රජකම් කෙළේ ය. ඔහුගේ මරණය ගැන කිසිවෙක් කණගාටු නො වූ හ. ඔව්හු දාවිත්ගේ නුවර ඔහු තැන්පත් කළෝ ය. එහෙත්, තැන්පත් කෙළේ රජවරුන්ගේ සොහොන් ගෙවල්හි නොවේ.


ජාතියක් විසින් ජාතියක් ද නුවරක් විසින් නුවරක් ද පොඩි කරනු ලැබූ හ. මන්ද, දෙවියන් වහන්සේ සියලු ආකාර විපත්තිවලින් ඔවුන්ට පීඩා කළ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්